දෙවැනි බහු මහල් රථ ගාලේ ඉදිකිරීම් අරඹයි
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස දෙවන බහු මහල් රථගාල ඉදිකිරීම් ආරම්භ කිරීම අද (20) දින සිදුවිය. කොළඹ නගරය තුළ වාහන 1500 ට වඩා වැඩි ධාරිතාවයකින් රථවාහන ගාල් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙරට අධික වාහන තදබදයන් සහිත තෝරාගත් ප්‍රධාන නගර කිහිපයක මෙම බහු මහල් රථගාල් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කරමින් සිටී.
ඒ අනුව දිනපතා කොළඹ නගරයට ඇදී එන වාහන මහා මාර්ගය දෙපස නවතා තැබීමෙන් ඇතිවන අවහිරතා හේතුවෙන් විශාල මාර්ග තදබදයක් කොළඹ නගරය තුළ නිර්මාණය වී ඇත.
මේ හේතුවෙන් මෙරට ආර්ථිකයට ඍජු හා වක්‍ර බලපෑම් ඇති කරයි. එම තත්වය අවම කර ගැනීම සඳහා කොළඹ නගරය තුළ මෙම බහු මහල් රථගාල ඉදි කිරීමට කටයුතු කෙරුණි.
ඒ වගේම මෙම රථවාහන අංගනයන් තුළ රථවාහන නැවතීමට අමතරව තවත් වාණිජ සංවර්ධන කටයුතු එකතු කරමින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අධිකාරිය සැලසුම් කර ඇත.
මෙහි පළමු ව්‍යාපෘතිය කොළඹ 02, යුනියන් පෙදෙසෙහි ඇක්සස් ඉන්ජියනිරින් පුද්ගලික සමාගම විසින් සිදු කරගෙන යනු ලබන අතර දැනට නුවර බෝගම්බර ක්‍රීඩාංගනය අසල ක්‍රියාත්මක කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා යෝජනා කැඳවීම මේ දිනවල සිදු කරනු ලැබේ. එසේම මෙම වසර තුළ බත්තරමුල්ල සෙත්සිරිපාය අදියර 1 සහ රෝහල් චතුරශ්‍රය අසල නොරිස් ඇල මාර්ගය යන ස්ථානවල ඉදිකිරීම් සඳහා යෝජනා කැඳවීමට ද සැලසුම් කර ඇත.
අංක 180, අබ්දුල් කාදර් මාවත, කොළඹ 11 රන් මධ්‍යස්ථානය අසල ඉඩමේ අද දින ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ භූමි ප්‍රමාණය රූඩ් 03 යි පර්. 9.25 කි. NEM සහ NE හවුල්කාරිත්ව සමාගම මගින් සංවර්ධන කටයුතු සිදු කරනු ලබන අතර වසර දෙකක් තුළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළ යුතු අතර බදු කාල සීමාව වසර 30 කි.
බිම් මහල ඇතුළුව මහල් 10 කින් සමන්විතව ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මහල් 6 ක් රථගාල වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරි මහල් 4 වාණිජ කටයුතු සඳහා වෙන් කෙරේ. ව්‍යාපෘතියේ පිරිවැය රු. 1,850,000,000.00 වන අතර රජයේ ප්‍රධාන තක්සේරු කරු විසින් විසින් තීරණය කරන ලද 30 අවුරුදු බදු වටිනාකම රු. 675,500,000.00 ක් වේ.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැන දෙමින් සිදු කෙරුණු මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

popular news
- 
                            
UAE api Sunday, 20 June 2021 03:25 PM
ithamath avashya katayuththak meya vasarakin nimakala hakiya me rate mita degunayak vishala bahumahal ratha galaval hadanne ehemaya Dubai RTA vada ehema thama
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                