තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941කි.
ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් ආසාදිතයන් 585ක් වාර්තාවීමත් සමගින් අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 2371ක් දක්වා වර්ධනය වී තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreපී.සී.ආර්. පරීක්ෂණ මගින් ධනාත්මක වන කොවිඩ් ආසාදිතයන් සඳුදා සිට නිවෙස්වලදී ප්‍රතිකාර සඳහා යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි තවත් 1352ක් සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 117,220ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමන්නෙකු සේ, උග්‍ර වී ඇති වසංගත අර්බුදය හමුවේ අවසානයට අනතුරු ඇඟවීම් ප්‍රකාශ කරන විට, ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය වූ අතිශයින්ම සම්ප්‍රේෂණය කළ හැකි B.1.617 ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වී ඇති බව වසංගත විශේෂඥයෝ පවසති.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,786 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් සඳහන් කළේ වසංගතයෙන් ජීවිත හා ජීවනෝපායන් බේරාගැනීම සඳහා ලෝකය විසින් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සහ එන්නත යන දෙකෙන් එකක් හෝ වෙනත් එකක් නොව, ඒ ක්‍රියාමාර්ග දෙකම වඩ වඩාත් ශක්තිමත් කළ යුතු බවයි.
Read Moreනොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට දික්ඔය මුලික රෝහලේදි (15) දින සිදු කල ඇන්ටිජන් පරික්ෂණයේදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසිය.
Read Moreසිය ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නීතිපති දප්පුලද ලිවේරා මහතා මේ මස අවසානයේදී විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreතංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයකු කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් 58 දෙනකු නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ අසම්පූර්ණ බව සඳහන් කරමින් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිස්පතිට ලිපියක් යොමුකර තිබේ.
Read Moreකොරෝනා ආසාදිත බන්ධනාගාර රැදවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
Read Moreඑක්සත් ජනපදය අභිභවා මුලින්ම අභ්‍යවකාශයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන රට ලෙස රුසියාව සිය පැරණි අභ්‍යවකාශ ආධිපත්‍ය මේ හරහා පෙන්වීමට උත්සාහ කරන අතර, මෙම රංගන ශිල්පීන් වෘත්තීයමය නොවන ගගනගාමීන් මෙන්ම නළු-නිළියන් ලෙස අභ්‍යවකාශයේදී මෙම භාරධූර රංගන කාර්යය සිදුකරනු ඇති බව රොස්කොස්මොස් පවසයි.
Read Moreතරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය අද (15) සවස 5ට ආරම්භ වේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 260ක් වාර්තා විමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (14) ගෙවුණු පැය 24 කාලය වන විට 12840ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑක් දිනක් තුළ බුළුගහදෙනියෙන් කොවිඩ් මරණ දෙකක් සහ වයිරසය ආසාදනය වී ඇති රෝගින් 30 දෙනකු හඳුනාගෙන ඇති අතර පවුල් 71 ක් පමණ නිරෝධායනයට යොමු කර ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (15දා) පැවසීය.
Read Moreමේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ආපාදාවට පත්ව පුද්ගලයන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් බව ගුවන් හමුදාව නිවේදනක් නිකුත් කරමින් පවසයි.
Read Moreයුද්ධයෙන් මිය ගිය LTTE සමාජිකයන් සිහි කොට සැමරුම් උත්සවයක් සංවිධානය කිරිමට උත්සාහ දැරු 27 දෙනෙකුට අධිකරණය විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබේ.
Read Moreචීනයේ පළමු අඟහරු රෝවරය රැගත් ලෑන්ඩරය බීජිං වේලාවෙන් සෙනසුරාදා (15දා) අලුයම අඟහරු (රතු ග්‍රහලෝකයට) සාර්ථකව ඇතුළත් වූ බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreනේපාලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 439,658ක් සහ මරණ 4,669ක් දැනට වාර්තා වී ඇත. එහිදී පසුගිය දින 10 තුළ දී පමණක් නේපාලයේ මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගෙන් 20%ක් සහ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණවලින් 1/4ක් සටහන් වීමද අතිශයින්ම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. ඒ අනුව එක් දිනක තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වෙයි.
Read Moreඇතැම් පිරිස් පවසන්නේ සිනෝෆාම් එන්නත මගින් කොවිඩ් රෝගය වැළඳිය හැකි බවයි. මේ පිළිබඳව පැහිදිලි කිරීමක් කරන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ එන්නතේ අඩංගුව වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රීය කරන ලද වෛරසයක් බැවින් එය කිසිම ලෙසකින් ක්‍රියා කිරිමට හෝ ගුණනය වීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව රෝගය වැළදීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව එම කාර්යාංශය සිය ෆේස් බුක් පිටුවෙන් සඳහන් කරයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 1380ක් වාර්තාවීමත් සමිගින් අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2269ක් දක්වා වර්ධනය විය.
Read More’’මේ වනවිට අඩු ආදායම්ලාභී රටවලට යන්නේ එන්නත් සැපයුමෙන් 0.3%ක් පමණයි. ධනවතුන්ට පමණක් ප්‍රතිලාභ ලැබෙන ට්‍රිකල්-ඩවුන් න්‍යාය මේ එන්නතට යොදාගැනීම, මාරාන්තික ශ්වසන වෛරසයකට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් වන්නේ නැහැ.’’ ඇමෙරිකාව වයස 12 - 15 දරුවන්ට එන්නත් ලබාදීමට සැලසුම් කරද්දී WHO ප්‍රධානියා හඬ අවදි කරයි.
Read Moreබස්නාහිර පළාතේ වයස අවුරුදු 30-60ත් අතර සියළුම ජනමාධ්‍යවේදීන් කලාකරුවන්ට කොවිඩ් සඳහා වන සිනොෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩසටහන අද දින පෙරවරුවේ සිට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සියළු සෞඛ්‍ය නීති රීති වලට අනුගතව පැවැත්විණි.
Read Moreගාල්ල මකුළුව ප්‍රදේශයේ ඉදිකරමින් පැවති තෙමහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී අද (14) සවස පිය පුතු දෙපළක් ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,306 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 ආසාදන ඉහළ ගියද රට අගුලු දැමිය යුතු නැති බව අප්‍රේල් මස සිය ජාතික දේශනයේදී අවසන් වරට ඉන්දියානුවන් හමුවේ ප්‍රකාශ කළ අගමැති මෝදි දැන් පවසන්නේ, ’’රටේ විවිධ ප්‍රදේශවල කෝවිඩ් රෝහල් ඉදිවෙනවා. නව තාක්ෂණයෙන් ඔක්සිජන් නිෂ්පාදනාගාර සැකසෙනවා. දුරබැහැර ප්‍රදේශවලට ඔක්සිජන් දුම්රිය ගමන් කරනවා.’’ යනුවෙනි.
Read More