ගම් 6ක් යාකරන KM 20ක් දිග පිරිත් නූලක්
කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෙත් පැතීම සඳහා කරනු ලබන පිරිත් සජ්ජායනාවක් වෙනුවෙන් කිලෝ මීටර් 20 ක පමණ දිගු දුරකට අදින ලද දැවැන්ත පිරිත් නූලක් පිළිබඳව මාවතගම මීතැන්වල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
කිලෝ මීටර් 20 ක් වැනි දිගු දුරකට මීතැන්වල ගම්මාන ගණනාවක් සම්බන්ධ කර ගනිමින් ඇද තිබෙන මෙම පිරිත් නූල බොහෝ විට ලෝකයේ දිගම පිරිත් නූල විය හැකි බව මෙම කර්තව්‍යයට මූලිකත්වය ගෙන කටයුතු කරන මීතැන්වල පුරාණ බෝධිමළු විහාරාධිපති ගල්අමුණේ සමිත හිමියන් පැවසූහ.
මීතැන්වල විහාරස්ථානයේ ගම් වශයෙන් සැලකෙන ගම්මාන හයක් සම්බන්ධ කර ගනිමින් එම ගම්මාන වලට පිවිසෙන ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ලම යා කරමින් මෙම දැවැන්ත පිරිත් නූල ඇද තිබීම විශේෂත්වයකි.
“මේ පිරිත් නූල නිර්මාණය කිරීම සඳහා අපිට මැෂින් නූල් පන්දු 50 ක් පමණ වැය වුණා. ප්‍රදේශය හරහා ඇද තිබියදී පොල් අතු ආදිය වැටීමෙන් හානියක් වේවි යැයි අනුමාන කරලා අපි මේ පිරිත් නූලේ සවි ශක්තිය වැඩි කරන්න නව නූලක් විදියට සකස් කරලා තිබෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රටේම ජනතාව වගේම අපි වාසය කරන මාවතගම ප්රදේශයෙත් මීතැන්වල ප්රදේශයෙත් විශාල පිරිසක් මේවනවිට එම වසංගතයට ගොදුරු වෙලා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය භෞතික ප්‍රතිකාර සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙනකොට මානසික සහනයක් වගේම පිරිත් බලයෙන් නීරෝගි සුවය ලබා දීමේ අරමුණින් තමයි මට හැකි ආකාරයට මෙවැනි දෙයක් සූදානම් කළේ. මේ දිනවල අපි දිනපතාම අඛණ්ඩව විහාරස්ථානයේ සිට පිරිත් සජ්ජායනාව පවත්වනවා” යනුවෙන් මේ සසම්බන්ධයෙන් අදහස් දක්වමින් සමිත හිමියන් පැවසූහ.







popular news
-
Ranjan Sunday, 29 August 2021 01:08 PM
පිරිත් පැන් මීට කාලයකට පෙර හෙලිකොප්ටර් එකෙන් ඉස්ස මොකද වුනේ මේ දේවල් වලින් මේ රෝගය සුව කරන්න හැකිනම් බුදු හාමුදුරුවන්ගේ කලෙත් වසංගත තිබුනා මේවා මිත්‍යා මත මිසක් වෙන සෙතක් නැත
Reply : 3 2
rocky Sunday, 29 August 2021 01:43 PM
Okata nool paawichchi karanne mokatada? Widuli rahan nath nam dura kathana rahan dige piritha japa koranna thibunaanewa. Me minissu "Piritha" pawaa baaldu karanawa. Budun wahanse asaneepa wuna awasthaawedi, Haamuduruwaru ekathu welaa irith kiwuwe nana ne!!
Reply : 3 2
Kumar Sunday, 29 August 2021 07:43 PM
Thawa boru wadak. Oya pirith kiwwata Covid tanner naha. Ennath labagena arakshithawa nina one.
Reply : 3 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

