කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමට අද රාත්‍රී සිට සංචරණ සීමා පැනවුවද එයින් ඇඟළුම් කර්මාන්තයට බාධාවක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,174 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරුපියල් කෝටි 970 ක් වටිනා දුම්වැටි කෝටි 20 ක් ( මිලියන 200 ) ’’ ශ්‍රී ලංකාවේ කලු තේ ’’’’ ශ්‍රී ලංකාවේ කුළු බඩු ’’ ලෙස ප්‍රකාශ කරමින් , ප්‍රතිඅපනයනය කිරීම සදහා කොළඹ වරායේ සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීමේ සහ පහසුකම් සැළසීමේ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා අද දින පැවසීය.
Read Moreශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් එසේ සංචාරක තහනම පැනවූ රටවලට අයත් වෙයි.
Read Moreපවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ මෙරට රැඳී සිටීම සඳහා නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව දීර්ඝ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් 13 දින සවස හතර පමණ වන විට අඩි එකහමාර බැගින් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවසීය.
Read Moreදිවයිනටම සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මැයි මස 14,15,16 යන තෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසා සිටියි.
Read Moreලබන සතියේ පාර්ලිමේන්තුවේ රැස්විම 18,19,සහ 20 යන දිනවල පැවැත්විමට තිරණය කර තිබේ.
Read Moreගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය හා යාබද ලක්ෂදීපය ප්‍ර දේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති හෙයින් විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ (දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
Read Moreඅද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,145 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද රාත්‍රී 11.00 සිට සඳුදා අලුයම 4.00 දක්වා දිවයින පුරාම සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති අතර එහිදී අවසර ලැබෙන කාර්යයන් හා අවසර නොලැබෙන කාර්යයන් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේය.
Read Moreවැලිමඩ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම කාර්යාලය අද (13) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
Read Moreබිබිල සෞඛ්‍ය බල ප්‍රදේශයේ ප්‍රථම කොරෝනා මරණය අද (13දා) වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
Read Moreකර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය නවතම මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.investsrilanka.com වෙත පිවිසීමෙන් හා විද්‍යුත් තැපෑල වන [email protected] මගින් ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැක.
Read Moreජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබූ සේවාවන් මැයි මස 17 වනදා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreබැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වූ නමුත් ඔහු නොමැති ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ ඔහු වෙනුවෙන් සිදුකළ යුතු වගකීම් සියල්ලම අදාළ පුද්ගලයින්ට භාරදීමට කටයුතු කොට තිබෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී තිබේ.
Read Moreකෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?
Read Moreමාවතගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක තරුණ තරුණියන් අනූවකට කොරෝනා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍යය අංශ වලින් අනාවරණය වේ
Read Moreඊයේ (12) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,429ක් හදුනාගෙන තිබේ.
Read Moreස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreයාපනයේ වඩුකෝඩෙයි ප්‍රදේශයේ පිහිටා තිබූ තාක්ෂණික විද්‍යාලයක් කොරෝනා රෝගීන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කොට ඇතැයි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
Read Moreකොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය ධාවනය සිමා කෙරුණද අද සිට අමතර දුම්රිය 05ක් ධාවනය සඳහා යෙදවිමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබේ.
Read Moreමධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 5/17 දා සිට 6/14 දා තෙක් අත්හිටුවා තිබේ.
Read Moreරට තුළ දැඩි සංචරණ සීමා පැනවුව ද ගුවන්තොටුපළ වසා දැමීමේ සුදානමක් තවමත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන්තොටුපළ වසා දැමුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අහිමිවිය හැකි බැවින් මෙම තීරණය නොගන්නා බව පවසන ඇමතිවරයා අවධාරණය කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව ගුවන්තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.
Read Moreඅද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා කාලය තුළ සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read More