සිනි වංචාවට සම්බන්ධ වු අයට ජනතාව හෙණ ඉල්ලනවා
මේ රටේ ජනතාව සිනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට හෙණ ඉල්ලනවා යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා කියයි.
ගාල්ලේ දි 29දා පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව සදහන් කළේය. චන්දිම විරක්කොඩි මහතා මෙසේද කිවේය.
සීනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට මිනිස්සු හෙණ ඉල්ලනවා. අපේ ගම්වල අහිංසක දුප්පත් මිනිසුන් ශක්තිය වර්ධනය කරගන්න බොන්නේ රෙඩ්බුල් නෙවෙයි. සීනි ටිකක් වැඩි තේ කොප්පයක්. අපේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ග්ලුකෝස් කනවා වගේ, අපේ රටේ අහිසංක කම්කරුවා සිය ශක්තිය වර්ධනය කරගන්නේ සිනි ටිකක් වැඩිපුර දාපු තේ කොප්පයක් බිලා. ඒ කම්කරුවගේ තේ කොප්පයට බලපාන රුපියල් 65ට තිබුණ සීනි රුපියල් 215, 220 තුන් ගුණයකට වඩා වැඩි මිලකට විකුණන එක ගැන කිසිම සමාවක් ලබා දිය යුතු නැහැ.
ජනාධිපති ලේකම්වරයා විසින් මේ රටේ විදේශිය කොටස් සහිත සමාගම් ලියපදිංචි කිරිම නතර කරන්න කියලා සමාගම් ලියාපදිංචි කොමසාරිස් කාර්යාලයට නිතියට පටහැනිව ලිපියක් යවලා නවත්වනවා. ඇයි බැරි මේ අසාධාරණ විදියේ සීනි විකිණිමට පියවර ගන්න. ඒ ජනාධිපති ලේකම්වරයාගේ පෑන ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ සාහසික අපරාධය නතර කරන ලෙස අපි ජනතාව වෙනුවෙන් ඉල්ලනවා. අද පරිප්පු කිලෝ එක රුපියල් 250යි. පාරට ගියවිට රුපියල් 2000 නොලැබුණු අහිංසක මිනිසුන් අපිව වටකරගන්නවා. අසාධාරණ විදියට සල්ල උපයන්න එපා කියා සිනි, පරිප්පු, හාල් මිල ඉහළ යවලා ලාභ ලබන උදවියගෙන් ඉල්ලා සිටිනවා යැයිද චන්දිම විරක්කොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්
popular news
-
cyril Monday, 30 August 2021 03:54 AM
danda humbalata hena mathak wune. oka kalin kiyanakota koheda hitiye..
Reply : 0 0
Deepal Nirosh Monday, 30 August 2021 09:24 AM
අනේ අනේ, තමුන්ගේ නායකයින්ට හෙන වදින්න කියල ඉල්ලන මෝඩයොත් අපේ රටේ ඉන්නවනෙ. අඟේ ඉඳන් කණ මුන් තමයි මුතින්ම ආණ්ඩුවෙන් එලවන්න ඕන, ඔන්න සාගර කරනවනම් වැඩ තියනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

