saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7461 hours ago

LATEST

ඉශාලිනිගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

calendar_today 2021 ජුලි 26 - 19:43 remove_red_eye - 270  

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදිය සිටියදී මියගිය ඉශාලිනිගේ මව මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එම දරුවන් සියලුදෙනා වයස අවුරුදු 14ට අඩු අය වීමට විශේෂත්වයකි.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ස්පාඤ්ඤය, පෘතුගාලය, සයිප්‍රසය, කිර්ගිස්තානය සහ කියුබාව යන රටවලට සංචාරය නොකරන ලෙසට අනතුරු ඇඟවූයේ එම රටවල කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.

Read More

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (ජූලි 26) දිනයේදි එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.

Read More

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන් ධිවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා ‌ෙදපාර්තමේන්තුව ඉල්ලිමක් කරයි.

Read More

මත්ද්‍රව්‍යවලට එරෙහි සටන තවම අවසන් නොමැති බව, බටහිර රාජ්‍යයන් විසින් නිරන්තරයෙන් චෝදනා කළ එම සටන ආරම්භ කර වසර පහකට වැඩි කාලයක් ගතවී ඇති අවස්ථාවේදී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ කියා සිටියි.

Read More

පි.සි.ආර් .පරික්ෂණයකදි දැඩි‍ වේදනාවක් ඇති වු බවට උරණ වු හිමිනමක් අදාල පරික්ෂණය සිදුකල හෙදියට එම ස්ථානයේ තිබු විදුරු පිගානකින් පහර දිමේන් බරපතල තුවාල සිදුව ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් අදාල හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බව (26) දින ආණමඩුව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ නිලුක කරුණාරත්න සහභාගිවු බැට්මින්ටන් කේවළ පිරිමි තරගයේදි අයර්ලන්තයේ N Nguyen හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්විය. එහි පළමු වටය ලකුණු 21 ට 16 ක් ලෙසත් දෙවන වටය 21-14 ක් ලෙසත් සටහන් විය.

Read More

ඇද හැලෙන මහ වැසි නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කලු ,කුරු,දෙනවක ,නිරිඇලි, වේ,ගලතුර, කුකුළේ යන ප්‍රධාන ගංගා සහ සෙසු ඇළ දොළ වල ජල මට්ටම් ශිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පැවසීය .

Read More

අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල කිසියම් සැලැස්මකට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත් ව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවැසීය.

Read More

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ

Read More

ඉංග්‍රීසි භාෂාව චතුරව හැදෑරීමට පහසුකම් සැපයෙන අත් පොත් මිලදී ගැනීමට යැයි රවටා, දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් කොළඹට රැගෙනවිත් ,සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කළ බව පැවසෙන , ගම්පහ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයෙකු ලබන අගෝස්තු 4 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලියනගේ මංජුල රත්නායක මහතා නියෝග කළේය.

Read More

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය , පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය 2021.අගෝස්තු 06 වන සිකුරාදා පැවැත්වීමට නියමිත බව, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ද අද සිට සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටියි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතුව තිබුණි. ඒ අනුව එම නිවස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට හිමිවිය.

Read More

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙන බව නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

අදින් ඇරඹෙන සතිය කාබනික නිෂ්පාදන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

Read More

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ .

Read More

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නිගමනයට පැමිණ ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,666 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගෙන තිබේ.

Read More

ඊයේ දිනයේ ලබා දී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 320,272 ක් වෙයි. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 271,402 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 11,485 කට ලබාදී තිබේ.

Read More

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, රටපුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

Read More

ජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයෙන් පිළිපදිමින් කටයුතු නොකළහොත් කොවිඩ් සිවුවැනි රැල්ලක් ඇති විමට ඉඩ ඇතැයි නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

Read More

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අලුතින් පොලිස් කොස්තාපල්වරුන් (28000) විසි අට දහසක් බඳවා ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය

Read More

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සිටි ප්‍රමුඛතම බලාපොරොත්තුවක් වූ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන ජිබෝල්ටා ක්‍රිඩකයා හමුවේ පරාජයට පත්විය.

Read More

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

Read More

2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 03 දා තෙක් පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.