saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7458 hours ago

LATEST

මුලතිව්හි පිපිරිමකින් අයෙකුට තුවාල

calendar_today 2021 ජුලි 27 - 14:35 remove_red_eye - 243  

මුලතිව් පොලිස් වසමේ කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ කැලෑවක අද (27) දින සිදු වූ පිපිරීමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාරු කිරීමට තැත් කරමින් සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මේ වනවිට රෝහල් වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Read More

ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (28) දිනයේ දිවයින පුරා රෝහල් 100 ක හෙද හෙදියන් මධ්‍යහන 12.00 සිට 1.00 දක්වා වැඩ වර්ජනයක යෙදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියි .

Read More

වාහන කුලියට දෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

Read More

චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බවද ඇය සඳහන් කළාය. මෙම එන්නත්කරණයේ ප්‍රධාන සාධකය ජනතාව මරණයෙන් බේරා ගැනීම බව ද ඇය සදහන් කළාය.

Read More

අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කර තිබේ.

Read More

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ ඒවා එන්නත් කිරීම සඳහා භාවිතා කිරීමට එන්නත් සිලින්ජර ලක්ෂ 16 ක් ද 07/27 දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසදිම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත් කර තිබේ.

Read More

පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සහභාගිවන මූලික වටයේ පළමු තරගයට අද (27දා) සහභාගිවන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත. මැතිව්, මී. 100 නිදහස් ආර ඉසව්වෙන් තරග වඳිනු ලබයි.

Read More

වෛද්‍ය සැපයීම් අංශයේ වාර්ෂික ශල්‍ය ගෝස් අවශ්‍යතාවය දේශීය සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙතින් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.2021 වර්ෂය සඳහා අවශ්‍ය ශල්‍ය ගෝස් මීටර මිලියන 30 ක් රුපියල් මිලියන 774 ක මුදලකට දේශීය සැපයුම්කරුවන් 461 ක ගෙන් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වෙයි.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

දිවයිනේ නගර සියයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරෙනවා.

Read More

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ මෙරට සිදුකරන ලද වැඩිම එන්නත්කරණ කටයුතු ඊයේ දිනයේ දී සිදුකර තිබේ.

Read More

මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇ.ඩො.මිලියන 2,650කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත තුළ අවුරුදු 16ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන වැටලීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ ආරම්භ කෙරුණා.

Read More

කෙසේ වෙතත් චීනයේ බීජින් නුවරට බලපා තිබූ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒම තරමක් ප්‍රමාද වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාව විසින් ගෙවිමට ඇති ණය මුදල්වලින් ඩොලර් බිලියනයක මුදලක් ඊයේ (26දා) ගෙවූ බව මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අද (27) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read More

ඉන්දියාවේ ප්‍රථම වරට හදුනාගත් ඩෙල්ටා ප්‍රභේදය, පෙර අනුවාදයන්ට වඩා එන්නත් ලැබූ පුද්ගලයන්ට පවා ආසාදනය වීමේ හැකියාව ඇති බවට සාක්ෂි වැඩි වෙමින් පවතින අතර, ඔවුන් විසින් වෛරසය සෙසු අයට පැතිරවීමට පවා ඉඩ තිබීම ගැන කණස්සල්ල පළ වී ඇතැයි මෙම විශේෂඥයෝ පවසති.

Read More

මෙතෙක් ශ්‍රී ලංකාවට එක්වරකදී ලැබෙන විශාලම එන්නත් පරිත්‍යාගය වශයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.

Read More

දීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ ’’දේශීය සේලයින්’’ නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ කර්මාන්තශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 1 දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අද හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

සමීක්ෂණයට අනුව, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%ක් විශ්වාස කර ඇත්තේ මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය වී ඇති බවයි.

Read More

වී කිලෝවක් රුපියල් 30 කට මිලදීගත් යහපාලන කාලයේ නිහඩව සිටි ජනතා විමුක්ති පෙරමුණ රුපියල් 55 කට වී කිලෝවක් මිලදී ගන්නා මෙම කාලයේ දී ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටීම විහිලුවක් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ දේහය යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ

Read More

තමන් රැගෙන යන භාණ්ඩ විනාශ වන බැවින් දේශසීමා විවෘත කර දෙන ලෙසට වෙළෙන්ඳන්ගෙන් වූ බලපෑම නිසා මෙසේ දේශසීමා විවෘත කර ඇති බව වාර්තා වේ. එනමුදු ඇෆ්ගනිස්ථාන රජයේ හෝ තලේබාන් ප්‍රකාශකයෙකු මේ පිළිබඳ අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.