ආසාදිතයින් හමුවු ප්‍රදේශ
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,666 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේ හඳුනා ගැනුණු ආසාදිතයින් 1,666 දෙනා අතරින් 1,656 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත්ය.
තවත් පුද්ගලයින් 10 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වේ.
මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ (25) දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ඒ අනුව ආසාදිතයින් 360 දෙනෙකු ඊයේ කොළඹින් වාර්තා විය.
තවත් දිස්ත්‍රික්ක 4 කින් 100 ඉක්මවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
ගම්පහ 256ක්, කළුතර 139ක්, ගාල්ල 172ක්, අම්පාර 170ක් ලෙස ආසාදිතයින් වාර්තා විය.
මීට අමතරව යාපනය 71ක්, හම්බන්තොට 60ක්, මහනුවර 54ක්, නුවරඑළිය 52ක්, බදුල්ල 45 ක්, මඩකලපුව 40ක් ලෙස දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.
කෙසේවෙතත් දින කිහිපයකට පසුව මන්නාරම දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 296,516 ක් දක්වා ඉහළ ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

