දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සියලුම ජාතික වනෝද්‍යානය අද සිට විවෘතයි
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ද අද සිට සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙනවා.
එමෙන්ම සියලුම ජාතික වනෝද්‍යාන ද නැරඹිමේ අවස්ථාව අද සිට උදාකර තිබෙනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද සිට මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශවලට යටත්ව එය විවෘතව තැබෙන බවයි බලධාරීන් ප්‍රකාශ කළේ. නරඹන්නන්ගේ ධාරිතාව 25% කට සීමා කරමින් උදෑසන 8.30 සිට සවස 5 දක්වා ජාතික සත්වෝද්‍යානය විවෘතව තැබීමට බලාපොරොත්තු වන බව සත්වෝද්‍යාන බලධාරීන් පවසනවා.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික වනෝද්‍යාන නිරෝධායන නීතින්වලට අනුගත වෙමින් අද සිට විවෘතව තැබෙනවා. මින්නේරිය , කවුඩුල්ල ,ගිරිතලේ ,සෝමාවතිය , අංගමැඩිල්ල , වස්ගමුව මෙන්ම මාදුරුඔය වනෝද්‍යාන නැරඹීමට අද සිට සංචාරකයින්ට අවස්ථාව ලබාදී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලිව් එම්. කේ. එස් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

