සීනි සහ වී තොග සගවාගෙන සිටින ව්‍යාපාරිකයින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
රජයේ පාලන මිල යටතේ සීනි මෙන්ම සහල් ලබාගත හැකි බවයි ජනතාව පෙන්වා දෙන්නේ.
පසුගිය දින කිහිපය පුරාම පාරිභෝගික කටයුතු අධිකාරිය සීනි මෙන්ම සහල් තොග සගවා සිටින ව්‍යාපාරිකයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කළා.
ඒ අනුව එලෙස සීනි සහ සහල් සගවාගෙන සිටි ගබඩා කිහිපයක තිබූ තොග සිය භාරයට ගෙන වෙළෙදපොළට නිකුත් කිරීමටයි එම අධිකාරිය ක්‍රියා කළේ.
සීනි මෙන්ම සහල් සදහා පාලන මිලක් නියම කිරීමටද පසුගිය දෙවනදා රජය ක්‍රියා කළා. ඒ අනුව සතොස සහ සමූපකාර ශාඛාවලින් පාලන මිල යටතේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැකි බවයි ජනතාව පෙන්වා දෙන්නේ.
මේ අතර වව්නියාව ප්‍රදේශයේ වී තොග සගවා තිබූ වී මෝල් තුනකට සීල් තැබීමට පාරිභෝගික සේවා අධිකාරිය ක්‍රියා කළා. මෙම ගබඩාවල තිබූ වී මෙට්‍රික්ටොන් එකසිය හතළිස් පහක් පාරිභෝගික සේවා අධිකාරිය යටතට පවරා ගැනීමටයි කටයුතු කෙරුණේ.
මේ අතර වැඩි මිලට සීනි සහ සහල් අලෙවි කරන ව්‍යාපාරිකයන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.