කෝටිපති ව්‍යාපාරිකයා රහස් කාමරයක කසිප්පු පෙරයි
හොරණ, ගෝනපොළ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරන බවට ලද තොරතුරක් අනුව වැටලීමේදී නිවසේ වහලේ තනන ලද රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි.
සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනුණු අතර එම රහස් කාමරය තුළ තිබී නීති විරෝධී මත්පැන් ස්ප්‍රිතු මිලිලීටර් 33750 ක්,බැරල් තුනක බහා තිබූ මිලිලීටර් 53000 ක්, සිලින්ඩරයක් දඟරයක් හා ගෑස් ලිපක් ආදී උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
පිටත සිට බලන පුද්ගලයකුට කිසිදු ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි රහස් කාමරය නිවසේ වහලය මත තනා මෙම ජාවාරම වසර එක හමාරක කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙන්ම වාහන දහයකට අධික ප්‍රමාණයක හිමිකරුවෙකු බව පොලීසිය කියයි. 38 හැවිරිදි සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

