ඇමති ලොහාන් එක්ක වැලිකඩට නොගිය බව පුෂ්පිකා කියයි
රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමග වැලිකඩ බන්ධනාගාරය තුළට තමන් ගිය බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව 2021 ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින වන පුෂ්පිකාද සිල්වා මහත්මිය පවසයි.
ඇමැති ලොහාන් රත්වත්තේ මහතා බීමතින් වැලිකඩ බන්ධනාගාරය වෙත සිය මිතුරන් සමග ගොස් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකර තිබුණ අතර ඒ හේතුවෙන් අමාත්‍යවරයා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්විය.
“ මගේ නමත් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. මම මේ ගැන කිසිවක් දන්නේ නෑ. මම හිටියෙත් නෑ. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා සමග සම්බන්ධ නෑ ඒ වගේම ඔහු ගැන මම දන්නෙත් නෑ” යැයි ඇය ඩේලිමිරර් පුවත්පට පවසා තිබේ.
popular news
-
Deepal Nirosh Thursday, 16 September 2021 12:01 PM
මෙයා කියන්නෙත් බන්ධනාගාර කොමසාරිස් කියන කතාවම නෙව, “මම මේ ගැන කිසි දෙයක් දන්නෙ නැහැ“.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

