රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ
රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇති බව කියා සිටියේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද (16) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර ඊට එක්වෙමින් විදේශ ලේකම්වරයා මෙම අදහස් දැක්වීය. “ජීනිවා චෝදනා, එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය” අද එහි තේමාව විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මෙවර සැසිවාරයේ දී මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම, එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්දන පනත සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ශ්‍රී ලංකා රජය ගත් පියවර ඇගයීමට ලක් කිරීම සුබවාදී ලකුණක් බව විදේශ ලේකම්වරයා සඳහන් කළේය.
මානව හිමිකම්වලට මුවා වී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම හෙළා දකිමින් චීනය, රුසියාව, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, පකිස්ථානය, ඉරාකය, වෙනිසියුලාව ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටී. මානව හිමිකම් සුරැකීම, සංහිඳියාව පවත්වාගෙන යාම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම යන කරුණු පිළිබඳ රජයේ වගවීම ඔවුන්ගේ විශේෂ ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද විදේශ ලේකම්වරයා සඳහන් කළේය.
කලාපයේ අනෙකුත් රටවල් සමග සංසන්දය කිරීමේ දී ශ්‍රී ලංකාව සාමකාමී රටකි. ත්‍රස්තවාදය පරාජය කිරීම, අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය සේම රටේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර පසුගිය වසර දෙක තුළ සක්රීයවම ඒ බව ජාත්‍යන්තරය හමුවේ පෙන්නුම් කර ඇති බව ද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත බව ද පෙන්වා දෙන විදේශ ලේකම්වරයා එම පිළිවෙතට අනුව යමින් බල අරගලයන්ට මැදි නොවී ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවත්, එහිදී මෙරට භූගෝලීය පිහිටීම පිළිබද දැඩි අවධානයෙන් යුතුව රජය කටයුතු කරන බවත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මුහුණදීමට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ රජයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිළි බවත් ඒ පිළිබඳව ලෝකයේ රටවල් පසුගිය මාස කිහිපය පුරා විවිධ වාර්තා මගින් දැනුවත් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සහාය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවත්ය. විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එහිදී මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ බව විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙන්ම සියලු රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය “කොවිඩ් අභියෝගය ජය ගැනීමේ ක්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම්” බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය.
සිය රටවල ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා වූ එකඟතාවන්ට එළැඹෙමින් පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර සැසිය මහඟු අවස්ථාවක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව අතර පවතින විවිධ වැරදි මතවාදයන් නිවැරදි කිරීමට මෙවර රාජ්‍ය නායක සමුළු අවස්ථාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවහල් කර ගනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය.
popular news
-
rocky Thursday, 16 September 2021 06:44 PM
Rate Abhyanthara gatalu thabaa me aanduwa monama gataluwak wath wisandana bawak penenne naha. Eka nisaa rate gatalu wisandanna kawuru hari idiriath wiya yuthuyi!"Ballaa iduru kanneth naha, Gonaata kanna denneth naha" kiyana dharmaya hariyanne naha , mahaththayo!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

