විශේෂ කාර්ය බලකාය ඊයේ (24) මිද්දෙනිය පොලිස් වසමේ ලැනරෝල් වත්ත ප්රදේශය දී සිදුකල වැටලීමකදී එංගලන්තයේ නිශ්පාදිත WEBLEY AND SCOTT LTF වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්රෑම් 52, මි.ග්රෑ. 380 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 48 ක් වූ වත්තල ප්රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.