තැපැල් මාර්ගයෙන් සායනික රෝගීන් සඳහා යොමු කෙරෙන ඖෂධ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් ඊයේ (24) හඳුන්වා දෙනු ලැබිණි.
S.L.T. Mobitel ආයතනය හා එක්ව ඖෂධවේදීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙල හඳුන්වාදෙනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම වැඩපිළිවෙල හඳුන්වා දීමට පියවර ගැනිණි.
මෙමගින් එම රෝගීන්ට සිය ඖෂධ පිළිබඳව අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබාගත හැක.ඒ සඳහා 0716222555 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර , එමගින් දිවයින පුරා විසිරී සිටින ඖෂධවේදීන් එකසිය විස්සක් සම්බන්ධ කරගනිමින් මෙම ජාලය ඔස්සේ රෝගියාට අවශ්‍ය තොරතුරු ලබාගත හැක.
මෙම සියලු ඖෂධවේදීන් ස්වේච්ඡාවෙන් අදාළ වැඩපිළිවෙලට එක්ව ඇති අතර ඔවුනට අවශ්‍ය දැනුම සහ ආකල්පමය කුසලතා සංවර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ පුහුණුවක් ද ලබාදීමට පියවර ගෙන ඇත.
එය රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විශේෂ කමිටුවක් මගින් අධීක්ෂණයට ලක් කෙරේ. S.L.T. Mobitel ආයතනය මගින් මේ සදහා පූර්ණ තාක්ෂණ අනුග්රහයන් ලබා දෙයි.
2021 ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව "ඔබේ ඖෂධවේදී සේවාව" National Pharmacy Helpline (N.PH.) නමින් මෙය ආරම්භ කෙරෙිණි.
මෙම වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ මෙය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.