saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6770 hours ago

LATEST

අවදානම් කාණ්ඩයට වාර්ෂික බූස්ටර් එන්නතකට අවධානය

calendar_today 2021 ජුනි 25 - 07:52 remove_red_eye - 495  

කොවිඩ්-19 වෛරසයට ගොදුරුවිය හැකි වැඩිහිටියන් වැනි අවදානම් කාණ්ඩායම් වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වාර්ෂික බූස්ටර් එන්නතක් ලබාදීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇති බව එහි අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වෙයි.

ඉදිරියේදී ද සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

Read More

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

Read More

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරිණි. කෙසේ නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකා - එංගලන්තය අත​ර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තය සමත් වි​ය.

Read More

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් අඩුකරනු ඇතැයි වාර්තා වෙයි.

Read More

දින ගණනාවක් පුරා අඛණ්ඩව දෛනික කොවිඩ් ආසාදිතයන් 2000 ඉක්මවා වාර්තා වුවත් අද දිනයේදී ආසාදිතයන් 1917ක් වාර්තා වී තිබේ.

Read More

තමා අදහන බුදු දහම අනුව දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයට සමාව දී අවසන් නමුත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා මහතාට ජනපති සමා ල බාදීම රටේ නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බවත් හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

Read More

තවමත් වීවෘත කර නොමැති මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වූ යතුරු පැදියක් හා එම දිසාවටම ධාවනය වූ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 45ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය සහ රටේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි නුවරට වසංගත සීමාවන් පැනවීමට නිව් සවුත් වේල්ස් කටයුතු කර ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ආසාදිත පුද්ගලයන් සමග අවම සම්බන්ධතා පැවැත්වීමෙන් පවා සම්ප්‍රේෂණයන් සිදුවිය හැකි බවය.

Read More

වත්තල, මාබෝලවත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදි පාලනය තුළ වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්‍රියාදාමය හැදින්වෙන අතර දුමින්ද සිල්වා මහතාට ලබාදුන් විශේෂ ජනාධිපති සමාව තුළින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය පමණක් නොව ස්වාධීනත්වයද අභියෝගයට ලක්ව ඇති බව පහැදිලි වන බව සමගි ජන බලනේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

Read More

රටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොදුරු මිනිසා ද, තවත් සිංහල දමිත, දෙමළ කුමර් මුස්ලිම් හශිම් තිදෙනගේ ද සිරැරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත. ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.

Read More

කොවිඩ් ආසාදිත වු රෝගින් 1228 දෙනෙකු අද දිනයේ හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Read More

මරණ දණ්ඩනයට නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව පිරිනැමීමට තෝරා ගනු ලැබූ පදනම ජනතාවගේ දැන ගැනීම සදහා හෙළි කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (25) රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතය.

Read More

මරණිය දණ්ඩනයට නියමව සිටින මහර බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමත් සමග ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.

Read More

වර්තමානයේ වන විට මෙරට බෝහෝ පාතාල ක්‍රියාකාරකම් අඩුවි ඇති බවත් නිවරැදි දේ කරන පොලිස් නිලධාරින් වෙනුවෙන් තමන් පෙනි සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් විරසේකර මහතා පවසයි.

Read More

ඊසානදිග බුර්කිනා ෆාසෝ හි පුද්ගලයන් 130කට වඩා ඝාතනය කරමින් මේ මස මුලදී ජන සංහාරයක් සිදුකර ඇත්තේ වයස අවුරුදු 12ත් 14ත් අතර ජිහාඩ්වාදී ළමා සොල්දාදුවන් පිරිසක් විසින් බව අනාවරණය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

Read More

දුර පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට ලක්‍ෂිනී සාරංගි ද සිල්වා ඊයේ (23දා) සමත් වූවාය. මේ දිනවල තුර්කියේ ඉස්තාන්බුල්හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවෙමින් ඇය මෙම වාර්තාව පිහිට වූ අතර, ඇයට සිය ඉසව්වේ පළමු ස්ථානයද හිමිවිය.

Read More

ශ්‍රී පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තිය ආණ්ඩුවට අවශ්‍ය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඔහු ඉතා හොද සංවිධායකවරයෙක් බවයි.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වත්මන් එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමේ අපේක්ෂාව ඉටු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.

Read More

ඔහු මගේ කොණ්ඩයෙන් අල්ලාගෙන ගෙල නමා කකුලට තියා තදකරගෙන එක් අතකින් කාර් රථය පදවාගෙන ගියා. මට මුකුත් කරගන්න බැරිවුණා.මම කිවා ඉලන්න ඕන දෙයක් දෙන්නම් කාර් එක තියලා යන්න කියලා.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 591 ක් අද මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ නැවතත් රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමේන් පසු 20කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවි අබේරත්න මහතා පැවසිය.

Read More

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවූ ’’තෝර්’’ සිංහයාගේ ධේනුවටද කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.