විදේශ ආයෝජකයින් දිරිගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 5ක් දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ආගමන සහ විගමන සංශෝධන පනත් කෙටුම්පත මගින් අදාළ කාලසීමාව දීර්ඝ කිරීමට නියමිත අතර අදාළ සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය චමල් රාජපක්ෂ සභාපතීත්වය දරන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට ඊයේ ඉදිරිපත් කර තිබේ.