පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අත්සන් තබා තිබේ. ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත වී ඇත.
ඒ අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත ඊයේ (22) සිට බලාත්මක වෙයි.