මෙරටින් හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයේ සිටි අනෙකුත් පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පලද, පරීක්ෂණ සඳහා මේ වනවිට යොමු කර ඇති බවත්, එසේම ඔවුන් සති 02ක කාලයක් දක්වා අධීක්ෂණය කෙරෙන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව අදාළ කාන්තාවගේ සමීප ආශ්‍රිතයන්ගේ ජෛව පටල සාම්පල පරීක්ෂණ වාර්තාවන් හෙට (09දා) හෝ අනිද්දා (10දා) යන දෙදින තුළදී නිකුත් කෙරෙනු ඇති බවද හෙතෙම පැවසීය.
කෙසේවුවද මේ වන තෙක් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලට අනුව අදාළ කාන්තාවට අමතරව ඔමික්‍රෝන් ආසාදනය වූ වෙනත් පුද්ගලයන් මේ වන තෙක් මෙරට තුළ තහවුරු වී නොමැති බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.