ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
ඌරගස්මංහන්දිය පොලිස් වසමේ බෙලිගස්වේල්ල ප්‍ර දේහයේ නිවසක රැදි සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
Read Moreපොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියකු ඊයේ (04) රාත්‍රී හප්පා පලා ගොස් ඇති අතර ඔහු මියගොස් ඇති බවට පොළොන්නරුව පොලිසිය පවසයි.
Read Moreතෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 04/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට දුන් බලය ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreකඩා වැටුණු වී අලෙවි මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම ඉටු කරනවා
Read Moreපළාත් පාලන මැතිවරණය සඳහා භාරදීමෙන් පසු ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර ගන්නා ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය.
Read Moreවිදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදු වී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වෙයි. බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබේදැයි සැක සහිතයි - විගණකාධිපතිවරයා 2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921 ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව ඉහළ දැමීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42ක්.
Read Moreතෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට 04/04 දින රාත්‍රී පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී මහත් හරසරින් පිළිගැනීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.
Read Moreරුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු ද සමග 04/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (04දා) සන්ධ්‍යාවේදී මෙරටට පැමිණීමට නියමිතය.
Read Moreඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ඔහු සංචාරය කිරිට නියමිත ප්‍ර දේශවල සිටින වීදි සුනඛයින් හා යාචකයින් ඉවත් කිරිමට කටයුතු කරන බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreඑක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රෙදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅලුත් අවුරුදු සමයේදී මගී ජනතාවට අවශ්‍ය වන පරිදි බස් සේවා පවත්වා ගෙන යන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමේ වසරට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreගාල්ල මහ නගර සභාව මගින් හිටපු නාගරික මන්ත්‍රීවරුන් 22දෙනෙකු සඳහා රුපියල් දහතුන් ලක්ෂ අනූදහස් අටසිය අනූඑකක් (1,390,891) වටිනා ලැප්ටොප් සහ ටැබ් පරිගණක 22ක් ලබා දී තිබුණද, එම උපකරණ නැවත නගර සභාව වෙත භාරදී නොතිබූ බව ජාතික විගණක කාර්යාලය මගින් අප්‍රේල් මස 02වැනි දින නිකුත් කර ඇති නවතම විගණක වාර්තාවකින් අනාවරණය වී ඇත.
Read More2025 දකුණු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් ලියාපදිංචිය තවමත් ආරම්භ කර නොමැති බැවින්, කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ලියාපදිංචි කරන බවට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන දැන්වීම ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreපානීය ජල බෝතල් සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් තමන්ට පැනවු දඬුවම් වලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ ණෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය අභියාචනයක් අද (03) ඉදිරිපත් කළහ.
Read Moreලංකාවෙන් ඇමෙරිකාවට 2024 දී ඩොලර් මිලියන 3,000ක් වටිනා භාණ්ඩ අපනයනය කළත් ඇමෙරිකාවෙන් ආනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 368ක් වටිනා භාණ්ඩ විතරයි. ඒ අනුව ඇමෙරිකාවට ලංකාව සමග ඩොලර් මිලියන 2,632ක අවාසිදායක වෙළඳ පරතරයක් තිබෙනවා. සමස්ත අපනයන වලින් ප්‍රතිශතයක් ලෙස වෙළඳ පරතරය බැලුවොත් ඒ කියන්නේ වෙළඳ පරතය වන 2,632 අපනයන වටිනාකම වන 3,000 බෙදලා සීයෙන් වැඩි කලොත් පිලිතුරු 87.87%. ඒ නිසා ඒක 88%ක් ලෙස ගත්තා. දැන් ඒ අගයෙන් 50% තමයි බදු ප්‍රතිශතය වෙන්නේ. 88% කි
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබාගැනීම සඳහා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේදී වංචාවක් කර ඇද්ද? ඔහු නීතිඥභාවය ලබාගෙන ඇත්තේ වංචනික අන්දමින්ද? යන්න පිළිබඳ නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරබලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද (03) නියම කළාය.
Read Moreඅද (3) දහවල් පතලක වැඩ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පස්වලට යටවි මියගොස් ඇතිබව ඇලපාත පොලිසිය පවසයි.
Read Moreඅනුර කුමාර ජනාධිපතිතුමාට කියනව මාව ආයි හිරේ දාන්න 10 සැරයක් දාන්න 15 සැරයක් දාන්න මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ නෝනට අත තිබ්බොත්නම් මම කරන දේ මම දන්නවා
Read Moreවැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 10 දක්වා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreහෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හා දිර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එම දුම්රිය සේවා එළැඹෙන 10 දා සිට ක්‍රියාත්මක වෙයි.
Read Moreරටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට වැලි නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇති නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟෙන් වැලිගොඩ දැමීමට නව වැලි තොටුපොලක් ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල එළඹෙන 04/07 දින දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පැවසීය .
Read More