ලංකා ඛනිජ තෙල් සංස්තාව වීසින් සිය ඉන්ධන මිල ඊයේ (18) රාත්රීයේ සිට ඉහල දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ලංකා පෙට්රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 84න් සහ ලංකා පෙට්රල් 95 රුපියල් 90කින් ඉහල නැංවීමට ඛනිජ තෙල් සංස්ථාව පියරවර ගෙන ඇත ඒ අනුව ලංකා පෙට්රල් ලීටරයක නව මිල 338 වන අතර ලංකා පෙට්රල් 95 ලීටරයක් රුපියල් 373 දක්වා ඉහල යනු ඇත.
එසේම ලංකා ඩීසල් ලීටරයක් රුපියල් 113කින් සහ ලංකා සූපර් ඩීසල් රුපියල් 75කින් ඉහල නැංවීමටත් පියවර ගෙන තිබේ.
ඒ අනුව ලංකා ඩීසල් ලීටරයක් 289ක් සහ ලංකා සුපර් ඩීසල් රුපියල් 329 දක්වාද ඉහල යනු ඇත.