සම්මානනීය තරුණ නළු හිරාන් අබේසේකර අද (18) දහවල් ලංකාවට පැමිණියේය.
තමන් තරුණයන්ගේ ජන අරගලය සඳහා සහභාගී වීමට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔහු සඳහන් කරයි.
තමන් එංගලන්තයේ ස්ථීර පදිංචිකරුවෙකු බවත් තමන්ට ශ්‍රී ලංකාවේ තරුනයන්ගේ ජන අරගලය පිලිබඳව දැන ගැනීමට ලැබුණු බවත් ඒ අනුව එයට සහය දීම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි බව ඔහු මෙහිදි මාධ්‍යට පැවසීය.
එමෙන්ම තමන් කටුනායක ගුවන්තොටුපලේ සිට ගෝල්ෆේස් අරගල භූමිය වෙත පිටත්ව යන බවත් තමන් ශ්‍රී ලංකාව තුළ දින 06ක් රැඳි සිටිමින් මෙම අරගලය සඳහා සහය දීමට බලාපොරොත්තු වන බවද මෙහිදි පැවසීය.
- කටුනායක ටී.කේ.ජී.කපිල