saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

Latest News - timelapse 86 hours ago

LATEST

අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න

calendar_today 2025 දෙසැ 24 - 14:40 remove_red_eye - 1230  

පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(24දා) නියෝග කළේය.

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 193ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයන් 05ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read More

රුසියාවේ මොස්කව්හීදී අද(24දා) සිදු වූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නත්තල් උත්සවය, පාසල් නිවාඩුව හා වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය දෙකක් ධාවනයට ඒක්කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

පැතුම් නිස්සංක සම්බන්ධයෙන් පසුගියදා නව තේරීම් කමිටු පත් කිරීමෙන් පසු පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔවුන් දැක් වූ අදහස් පිළිබඳ තමා කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටුපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සඳහන් කර තිබේ.

Read More

නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්ථමේන්තුව නිවේදනයක් මගින් දන්වා සිටිනවා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද(24දා) කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා පැවසීය.

Read More

Rebuilding Sri Lanka’ අරමුදලට Cargills (Ceylon) PLC වෙතින් රුපියල් මිලියන 100 ක පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. Cargills (Ceylon) PLC හි සමූහ කළමණාකාර අධ්‍යක්ෂ ඉමිටියාස් අබ්දුල් වහිඩ් (Imitiaz Abdul Wahid- Group Managing Director) මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගැන්වීය. මෙම අවස්ථාවට Cargills (Ceylon) PLC හි ඩිලන්ත ජයවර්ධන සහ චන්දන කැලෑගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.

Read More

කල්තොට පොලිස් වසමේ පින්නකැටිය ප්‍රදේශයේ වලවේ ගඟේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මතට කුඹුක් ගසක අත්තක් 2025.12.23 වන දින සවස් කාලයේ කඩා වැටීම හේතුවෙන් තුවාල ලබා ඇති බවට කල්තොට පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් විසින් තුවාල ලබා සිටි පුද්ගලයින් දෙදෙනා කල්තොට රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

Read More

ජාතික ජනබලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ අයවැය වැඩි දෙකකින් පරාජය කිරිමට විපක්ෂය සමත් විය. සභාවේ මන්ත්‍රිවරුන් 38 දෙනාගෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රි 18 දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ඉතිරි ඡන්ද 20 ම විපක්ෂයට ලැබිමෙන් අයවැය පරාජයට පත්විය.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රම බලකායෙන් පුද්ගලයන් 374000ට පමණ බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

Read More

ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණදී සිටින අවස්ථාවක විගණකාධිපති තනතුර දෙසැම්බර් 07 වනදා සිට පුරප්පාඩු වී තිබීමත් ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු නොමැති වීමත් ගැටලු සහගත තත්ත්වයක් මතුකර ඇතැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් අවධාරණය කර තිබේ.

Read More

ශ්‍රී පාද අධි සංවේදී කලාපය තුළ පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම තහනම් කරමින් ඒම කලාපය ආරක්ෂා කිරිමට අදාළ යෝජනා ගණනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50% බැගින් වන හිමිකාරීත්වය සහිත ත්‍රිකුණාමලය බලශක්ති සමාගම (Trincomalee බලශක්ති සමාගම) මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත භූමිය මත සවිකරන ලද සූර්ය පැනල සහිත මෙගාවොට් 50ක සූර්ය විදුලිබලාගාරය සදහා ටෙන්ඩර්පත් කැඳවේ.

Read More

නත්තල් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය, ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ඇතුළුවීම සඳහා මංතීරු 04 ක් අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි විවෘත කර ඇත.

Read More

’’කොළඹ අයවැයෙන් මුළු රටම වෙනස් වෙන්නේ නෑ. අද තිබුණ ඇතැම් අයවැයත් අපි ජයග්‍රහණය කර තිබෙනවා. හැම තැනම මහ නගර සභා වැදගත්.’’

Read More

එළඹෙන නත්තල් උත්සවය හා අලුත් අවුරුදු උදාව සමයේ නගර ආරක්ෂාව හා ආගමික උත්සවයන්හි ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට (24දා) පෙරවරුවේ සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

දිත්වා සුලි කුණාටුවෙන් පසු බදුල්ලේ සිට අඹේවෙළ දක්වාත් අඹේවෙළ සිට බදුල්ල දක්වාත් ඉකුත් (20) දින සිට දුම්රිය සේවය යලිත් ආරම්භ කිරිමත් සමග අඹේවෙල සිට ඇල්ල දක්වා ගමන් කිරිමට දිනකට දෙස් විදෙස් සංචාරකයන් 300-400ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බව අඹේවෙල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ සමාගමට නව හිස් ගෑස් සිලින්ඩර් ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව වෑල්ව රහිත හිස් LPG සිලින්ඩර වර්ග හතරක් මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාතතුව අවම ලන්සුවක් ඉදිරිපත් කළ සහමිට් මෙටල් ප්‍රෙෂර් සමාගමට ලබාදීමට අදාළව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතය ලැබි තිබේ.

Read More

චීන ෂීසෑං (Xizang ) කළාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික වෑන් ජුන්ෂෙන්ග් (Wang Junzheng ) මහතා ප්‍රමුඛ එම පක්ෂයේ උසස් නිලධාරීන් පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා 12/23 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

Read More

රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ පවසන්නේ 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත බවය.

Read More

ජාතික ජන බල වේගයට බලය හිමි බලපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය දෙවැනි වරටත් වැඩි ඡන්දයකින් අද (23) පරාජයට පත්විය.මීට පෙර එනම් දෙසැම්බර් මස 16 වැනිදා පළමු වරට ඉදිරිපත් කළ බලපිටිය ප්‍රාදේශීය සභා අය වැය ඡන්දයේදී ද බලය හිමි ජාතික ජන බල වේගය පරාජයට පත්වූයේ එක් වැඩි ඡන්දයකිනි.

Read More

‘දිත්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (23දා) නියෝග කළේය.

Read More

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (23දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබේ.

Read More

කැළණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුු මහා උත්සවයට සමගාමීව හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහර හේතුවෙන් මාර්ග කිහිපයක වාහන ගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

පෙ.ව 9.30 කොළඹ කොටුව සිට මිරිගම දක්වා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්වී ඇත. මේහේතුවෙන් දුම්රිය ප්‍රමාද වීම්හෝ දුම්රිය අවලංගුවීම් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්ථමේනතුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.