ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50% බැගින් වන හිමිකාරීත්වය සහිත ත්රිකුණාමලය බලශක්ති සමාගම (Trincomalee බලශක්ති සමාගම) මගින් ත්රිකුණාමලය දිස්ත්රිකයේ සාම්පූර් ප්රදේශයේ ඉදිකිරීමට නියමිත භූමිය මත සවිකරන ලද සූර්ය පැනල සහිත මෙගාවොට් 50ක සූර්ය විදුලිබලාගාරය සදහා ටෙන්ඩර්පත් කැඳවේ.
සූර්ය බලශක්ති බලාගාරය, සැළසුම් කිරීමේ සිට ස්ථාපනය කිරීම දක්වා වන පූර්ණ ක්රියාවලියමද අවමය මෙගාවොට්20/ මෙගාවොට් පැය 20ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙහි විෂය පථයට අයත් වේ.
ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරීම 2026 පෙබරවාරි 18 දක්වා සිදුකළ හැකි අතර ටෙන්ඩර් පත් විවෘත කිරීම 2026 පෙබරවාරි 19 දින සිදුකෙරේ. එමෙන්ම ටෙන්ඩර් පත් ප්රදානය කළ දින සිට මාස 21ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු යැයිද අපේක්ෂිතය.