ශ්‍රී පාද පරිසරය රකින්න කැබිනට් මණ්ඩලයේ විශේෂ තීන්දු කිහිපයක්
ශ්‍රී පාද අධි සංවේදී කලාපය තුළ පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම තහනම් කරමින් ඒම කලාපය ආරක්ෂා කිරිමට අදාළ යෝජනා ගණනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පොලිතීන් අමුද්‍රව්‍යයක් ලෙස යෙදා නිපදවා ඇති ආහාර දවටන (ලන්ච් සිට් ආදිය)
අධි ඝනත්ව පොලි ඒතලීන් වලින් නිශ්පාදිත දෑ (සිලි සිලි බෑග්, ෂැෂේ පැකට්)
තනි භාවිත ආහර බහාලුම්, තනි භාවිත බීම බට/කලතන, තනි භාවිත පිගන් කෝප්ප, හැදි ගෑරුප්පු හෝ පිහි මෙම ප්‍ර දේශ තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම්.
ලිටරයට අඩු තනි භාවිත ජල බෝතල් හා බීම බෝතල් රැගෙන යාම තහනම් කිරීම
පොලිතීන් ආවරණ සහිත ඇසුරුම් හෝ ආහාර පාන,ඖෂධ ඇතුළු අනෙකුත් භාණ්ඩ පාරිසරික කලාපය තුළ බැහැර කිරීම තහනම් කිරිම
පාරිසරික අධි සංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාර විසින් බැහැර කරන ප්ලාස්ටික ආවරණ සහිත ආහාර පාන හෝ වෙනත් ඳවෙළ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරිමේ වගකීම අදාළ වෙළඳ සැල් හිමියන්වෙත පැවැරීම
ජල උල්පත් හෝ ජල මාර්ග වලට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම තහනම් කිරිම
අලෙවි සැල් ඉදිකිරීමේදී හා පවත්වාගෙන යාමේදි ඒකතුවන පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස ඒකතු කර ශ්‍රී පාද අධිසංවේදී කලාපයෙන් බැහැර කිරීමේ වගකීම ඒ් ඒ් අලෙවිසැල් හිමියන්ට පැවැරීම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

