අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත වරාය පොලිසියේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තැඹිලි ලහිරු නැමැත්තා ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
නාවලපිටිය පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුල බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ පොදු ඊ මේල් ගිනුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය (29) දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.
Read Moreකොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය තුළ අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස අහිමි වූවන්ට රජය මඟින් ලබා දෙන සහන හා රුපියල් 25000 ඇතුළු මුදල් මෙතෙක් නොලැබීම පිළිබඳ ගම්වාසින් සමග කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමි ඇතුළු සංඝරත්නය ප්‍රාදේශීය ලේකම් හමුවීමට (29) දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගම්වාසීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
Read More2026 රාජ්‍ය දින දර්ශනය අනුව මැයි මස 01 දා වෙසක් පොහෝ දිනය ලෙසත් එම මාසයේම 30 දා අධි පොසොන් පොහෝ දිනයත් යෙදී තිබෙන හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවානු ඳපිළිබ අතිශය සාවධානව කටයුතු කළ යුතු බව ඳසහන් කරමින් තෛනිකායික මහා නාහිමිවරුන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.
Read Moreමෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරයන් පැමිණි වසර වූ 2018 වසරේ (2 333,796/ විසි තුන් ලක්ෂ තිස් තුන් දහස් හත්සිය අනූ හය) පැමිණි සංචාරකයන් ප්‍රමාණය ඉක්මවා යමින් 2 333 797 වැනි සංචාරකයා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔහු පිළිගැනීම සදහා ගුවන් තොටුපොළ ’’ සිල්ක් රූට් ’’ මගී පර්යන්තයේ සංචාරක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් ද පැවැත්වීය .
Read Moreශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හදුනාගත් නව නිෂ්පාදන 07ක් එළි දැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) පෙරවරු 10.00 ට නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට නියමිතය.
Read Moreරුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 12/29 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreජාතික ජනබලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජය කිරිමට විපක්ෂ කණ්ඩායම් අද සමත් විය.
Read Moreඑක්සත් ජනපද ප්‍රවෘත්ති සහ ලෝක වාර්තාව විසින් නිකුත් කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව, 2026 සඳහා ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාව ආසියා මහාද්විපයේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්ත කිහිපයක් වන මවුන්ට් ෆුජි, ටෝකියෝ, පලවාන් සහ සෝල් සමඟ ස්ථානගත කර ඇත.
Read Moreපුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ විය. එම මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත/ පුත්තලම අතර දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය වසර හතරක (2021-2024) කාලය තුලදි ක්‍රියාත්මක කරණු ලැබු විදේශ ආධාර ව්‍යාපෘති 22ක් සදහා රුපියල් මිලියන 22,045.07ක මුදලක් වැයකොට ඇතත් එකි ව්‍යාපෘති සම්බන්දයෙන් විගණනයක් සිදුකර විගණන වාර්තා නිකුත් කිරිමට විගණකාධිපතිවරයා වෙත ප්‍රතිපාදන නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreසූරියවැව, රන්මුදුවැව කනිෂ්ඨ විද්‍යලයේ 16 හැවිරිදි සිසුවකුට අමාණුෂික දඩුවමක් ලබාදූන් බවට චෝදනා එල්ල වූ සැකකාර විදූහල්පතිවරයා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25 000ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා 27 වන දින නියෝග කරන ලදී.
Read Moreඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ , නුවරඑළිය හා පොලොන්නරව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බවත් එමම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් 2025.12.28 වන දින සවස් කාලයේ ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන් බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreවෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - මන්නාරම පොලිස් ස්ථානය.
Read Moreනිල්වලා ගගේ අතු ගංගාවක් වු පෝද්දුව ඇලේ සිටි කිඹුලකුට හසු වී එම කිඹුලු සමග පැයක පමණ කාලයක් පොර බදා සිය ජීවිතය බේරා ගැනීමට සමත් වු පුද්ගලයෙකු පිළිබඳව පුවතක් මාතර පාලටුව ප්‍රදේශයෙන් වාර්තා වේ.එසේ තුවාල සහිතව සිය දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ පාලටුව පදිංචි ගාමිණි ගොඩගේ (53) නැමැති දෙදරු පියෙකි.
Read Moreමහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreමියන්මාරයේ 2021දී සිදු කළ හමුදා කුමන්ත්‍රනයෙන් පසු අද(28දා) ආරම්භ වූ පළමු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2026 ජනවාරි 9වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ වෙත 12/28 දින උදෑසන දෝහා සිට පැමිණෙමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට ගුවන් තොටුපොළ කළමනාකරු වෙත ලද විද්‍යුත් තැපැල් පණිවිඩය අනුව එම ගුවන් යානය විශේෂ සෝදිසි කිරීමකට ලක් කළ අතර , එහිදී එවැනි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreසංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සිව්වන විස්සයි 20 තරගය අද (28දා) පැවැත්වේ.
Read Moreහෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreකොස්ගොඩ, පියගම ලී මෝල අසල දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වන දුම්රියේ මෝටර් රථයක් ඊයේ (27දා) සවස ගැටී තිබේ. සවස 4.30 ට පමණ සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සදහා බළපිටිය මූලික රෝහලට එදිනම (27) සවස ඇතුලත් කර තිබේ.
Read Moreදිට්වා සුලි කුණාටුවෙන් පසු එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසා ඇතැම් පහත රට එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, (28) දිනයේ දේශීය වෙළදපොලේ අමු මිරිස් සහ නයි මිරිස් කිලෝවක් රු.2000ක සිල්ලර මිලකට අලෙවි වන බවත්, මෙයට සමගාමිව මාලු මිරිස් කිලෝවක් රු.1300කට අලෙවි වන බවයි හැටන් ප්‍රදේශයේ වෙළෙදුන් කියා සිටින්නේ.
Read Moreරැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකු මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ බවට අනාවරණය වීම සහ සැකකරුගෙන් ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සොයා ගැනීම - මීටියාගොඩ පොලිස් ස්ථානය.
Read Moreසූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreහෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර සිනමාවේ සදාකාලික ’ගී රාජිනිය’ ලෙසද ඇය හදුන්වයි. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
Read Moreදෙසැම්බර් 01 දා සිට 25 දා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 195 394ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙම අගයද සමගින් ජනවාරි 01 දා සිට දෙසැම්බර් 25තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2 298 987 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (26දා) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreදන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (29) පෙරවරු 10.00 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට නියමිතය.
Read More