කල්තොට පොලිස් වසමේ පින්නකැටිය ප්රදේශයේ වලවේ ගඟේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මතට කුඹුක් ගසක අත්තක් 2025.12.23 වන දින සවස් කාලයේ කඩා වැටීම හේතුවෙන් තුවාල ලබා ඇති බවට කල්තොට පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව වහාම ක්රියාත්මක වූ පොලිස් නිලධාරින් විසින් තුවාල ලබා සිටි පුද්ගලයින් දෙදෙනා කල්තොට රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 47 ක් වූ කල්තොට, බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.