සාමකාමීව විරෝධතා පවත්වාගෙන ගිය මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් වෙත පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරික්ෂණවලට අදාළව ඩෑන් ප්‍රයසාද් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයින පුරා ඇති ප්‍රචණ්ඩත්වය හේතුවෙන් නිවාස හා දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් ගෝල්ෆේස් අරගලය හා මන්ත්‍රීවරුන් අතර සම්බන්ධයක් ඇතිවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreම උගුරට ලේ රහ දැනෙනකම්. මේස් බැනියමට දාඩිය උණනකම් ලක්ෂ 3කට වැඩිය මිනිස්සුන්ට මගේ බුද්ධිය බෙදලා තියෙනවා. අපි මේ රටට ගෞරවයක් වෙන ලෙස හැසිරිලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප අරන් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප අපි වෙනුවෙන් අපි අරමුදලට බැර කරලා තියෙනවා. අපේ අම්මා සමාජ සත්කාරක වැඩපිළිවෙළට පරිත්‍යාග කර තිබෙනවා. මගේ සංසාර ගමනේ කිසි දවසක ඇමති නිල නිවසක ජීවත් වෙලා නෑ
Read Moreලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 160ක් ලබා දී ඇති බවත් එම මුදල ඉන්ධන වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට එක්ව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 4 වැනි අසුන හිමිව තිබේ.
Read Moreඉදිරි සති කිහිපය සඳහාත් අපි අඛණ්ඩව ඩීසල් ලබාදීම සිදුකරනවා. පෙට්‍රල් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ මුහුදු සීමාවේ පසුගිය මාර්තු මාසයේ 28 වැනිදා පමණ ඉදලා පෙට්‍රල් නෞකාවක් තිබෙනවා. මේ තිබෙන මූල්‍ය අර්බුදයත් එක්ක අපිට ඩොලර් නෑ අවශ්‍ය ගෙවීම් කරන්න.
Read Moreයුක්රේනය මේ වනවිට පාලනය වන්නේ, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් බව රුසියාව පවසයි.
Read Moreතිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දැමීමට එම සමාගම් පියවර ගෙන ඇති බව වාර්තාවෙයි.
Read Moreමරදාන - බොරැල්ල මාර්ගය ආනන්ද විදුහල අසළින් අවහිර කරමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ඉන්ධන ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමාර්ග සහ පාලම් නායයෑම්වලින් අවහිර වී හෝ ගසාගෙන යෑමෙන් දිස්ත්‍රික්කයේ 200,000කට ආසන්න ජනතාවක් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවලට ගමන්කළ නොහැකිව සිරවී සිටින බව කියයි.
Read Moreගෙවීම් කළ ගෑස් නැවකින් ඊයේ දිනයේදී ගෑස් ගොඩබෑමට නියමිතව තිබුණත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය වැළකී ගොස් තිබේ. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වෙයි. ලිට්‍රෝ සමාගම පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව පෝලිම්වල සිටීම ඵලක් නොවන බවයි.
Read Moreකෝපායි පොලිස් වසමේ තිරුනෙල්වේලි ප්‍ර දේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානයට බාධා කළ බව ඊශ්‍රායලය පවසයි.
Read Moreපසුගිය 09දා මයිනාගෝගම හා ගෝඨාගෝගම ප්‍ර දේශයන්ට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
Read Moreදශක තුනකට ආසන්න කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කර අදට (මැයි 18) වසර 13ක් සම්පූර්ණ වෙයි.
Read Moreහෙට (18) දිනයේ පෙට්‍රල් ලබාගැනිම වෙනුවෙන් ඉන්ධන හල් අසළ පෝලිම්වල රැදී නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි.
Read Moreඉදිරියේදී පිහිටවනු ලබන ආණ්ඩුවකට සහාය ලබාදෙන්නේ කුමන ආකාරයකටදැයි යන්න පිළිබඳව තිරණය කිරීම වෙනුවෙන් කරුණු 7ක් සම්බන්ධයෙන් පිළිතුරු විමසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මනූෂ නානායක්කාර මහතා හා හරීන් ප්‍රනාන්දු මහතා ලිපියක් යොමුකර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක මහතා මෙම පියවර ගෙන තිබේ.
Read Moreගෑස් රැගත් නෞකා තුනකට මුදල් ගෙවීමට හැකිවීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවෙනු ඇතැයි ලිට්‍රෝ සමාගම කියයි.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය සාමකාමි විරෝධතාව සඳහා පහරදීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ පදනම කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් සැකකරුවන් දස දෙනෙක් අද (17දා) නාවලපිටිය පොලිසියට භාර විමෙන් අනතුරුව එම සැකකරුවන් දස දෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.
Read Moreපසුගිය 09 වැනි දින ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි අරගල භූමි වෙත පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.
Read More‘ගෝඨා ගෝ ගම’ සහ ‘මයිනා ගෝ ගම’ සාමාකාමී උද්ඝෝෂකයින්ට පොලු මුගුරු වලින් සන්නද්ධ පිරිසක් ගොස් කළ පහරදීමේ සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් ඉදිරි දින 02 තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුම් දී ඇත.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා පසුගිය 9 වැනිදා මිය යාමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැඳී සිටින ජගත් සමරවික්‍රමට මහතාට එම අවස්ථාව හිමිව තිබේ.
Read Moreඅරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අරගලකරුවන්ට පසු ගිය 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (17දා) මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
Read Moreලොරියේ ඩීසල් ඉන්ධන ඉවර වීමෙන් අනතුරුව කෑන් එකක් රැගෙන පිරවුම්හලට පැමිණියත් කෑන් වලට ඉන්ධන ලබා නොදෙන බවට පොම්ප කරුවන් පැවසීමෙන් අනතුරුව එම රියදුරු විසින් ලොරියේ ඉන්ධන ටැංකිය ගලවාගෙන යතුරුපැදියක ගැටගසාගෙන පැමිණ සිටින අයුරු බණ්ඩාරගම නගරයේ දී දක්නට ලැබුණි.
Read Moreහෙට (18) දිනයේ දී පැය 3යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
Read Moreබණ්ඩාරගම කිසිදු ඉන්ධන පිරවුම් හලක පෙට්‍රල් නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයෝ බණ්ඩාරගම නගරයේ හොරණ මාර්ගය ත්‍රීරෝද රථ යොදා ඊයේ (17දා) අවහිර කළහ.
Read More2021-2022 වර්ෂය සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අද (17දා) දින අලුයමින් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති , පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය.
Read More