ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රජය මසකට රුපියල් බිලියන 93කට අධික මුදලක් වැය කළ යුතු බව රජයේ උසස් නිලධාරීයෙක් සඳහන් කළ බව සන්ඩේ ටයිම් පුවත් සේවය වාර්තා කරයි.
එසේම රජයේ සේවය සඳහා බඳවා ගැනීම සීමා කර තිබුණත් ලබන වසරේදී රාජ්‍ය සේවය සඳහා වෘත්තිය වේදින් බදවා ගැනීමටද රජය තීරණය කර තිබේ. මේ අනුව වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් රාජ්‍ය සේවයට එක් කර ගැනීමට නියමිතය.
මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වෙනම කමිටු දෙකක් පත් කර ඇති අතර අනෙක් කමිටුව රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය සීමා කිරීමේ ක්‍රම නිර්දේශ කරනු ඇත.
රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් සඳහා දැරීමට සිදුවන අධික වියදම් සැලකිල්ලට රාජ්‍ය සේවය සඳහා අලුත් බදවා ගැනීම් නොකිරීමට රජය මීටර පෙර තීරණය කළේය.
එසේම රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 60 දක්වා අඩු කිරීමට ද රජය තීරණයක් ගෙන ඇති අතර එමඟින් වැදගත් ක්ෂේත්රවල සේවය කිරීමට පුද්ගලයින් නොමැතිකම පිළිබඳව වෛද්‍ය වෘත්තිය ඇතුළු ඇතැම් ක්ෂේත්රවල කනස්සල්ල මතු විය.
විශ්‍රාම යන වයස අඩු කිරීම නිසා වසර අවසන් වන විට 25,000 කට වැඩි සේවක පිරිසක් රාජ්‍ය අංශයෙන් ඉවත් වීමට සිදුවනු ඇත. වෛද්‍ය ක්ෂේත්රයට අමතරව පරිපාලන ක්ෂේත්රයට ද විශ්‍රාම ගැනීම් හේතුවෙන් බලපෑම් එල්ල වනු ඇත.
සැලසුම් නොකළ බඳවා ගැනීමේ යෝජනා ක්‍රම රාජ්‍ය අංශයේ අසමතුලිතතාවයක් ඇති කිරීමට හේතු වී ඇති වී තිබේ.