ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය යන විට 41 වැනි වියෙහි පසුවූ ධර්මරාජ මහතා 2008 වසරේ සිට මේ දක්වා ඔහු සිනමාවට මෙන්ම ටෙලි නාට්‍යවලට ද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.
ඔහු සිනමා උලෙළ කිහිපයකදීම සිය රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ද හිමිකරගෙන ඇත.