රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාක්ෂණික අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහාය ලබාගැනීමට ප්‍රංශයේ ලසාඩ් නමැති ආයතනයේ සහාය ලබා ගන්නා බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් වලින් ඔවුන්ට ගෙවීම සිදුකරන බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදි පැවැති මග නැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු පාසලේ පුහුණු පාඨමාලා නිමකල සියවැනි කණ්ඩායම සඳහා සහතික පත් ප්රදානය කිරීමේ උත්සවයේ දීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘මේ වනවිට ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම විදේශ විනිමය අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. අපගේ රටට ලැබෙන ආදායමට වඩා විදේශ විනිමය රටින් පිටවීම වැඩියි. ඒ හේතුවෙන් ගෙවුම් ශේෂය මත විශාල පීඩනය කුත් විදේශ වත්කම් බරපතළ ලෙස නායයාමකුත් ඇතිව තිබෙනවා. මේ ඇතිව තිබෙන අර්බුදයට දේශපාලන විසඳුමක් නැහැ. මේ සඳහා තිබෙන්නේ අප විසින් සොයා ගත යුතු ආර්ථික විසඳුමක් පමණයි.
ඒ සඳහා තිබෙන්නේ උත්තර කීපයයි. රජයේ ආදායම හැකිතාක් වැඩි කරගැනීම, රජයේ වියදම් හැකිතාක් අඩුකර ගැනීම, රට ඇතුළට ගලා එන විදේශ සම්ප්‍රේෂණ වැඩි කරගැනීම, රටින් පිටට ගලා යන විදේශ විනිමය අඩු කර ගැනීම පමණයි. මේ ප්‍රශ්න වලින් ගොඩ ඒම සඳහා අපට ප්‍රමාණවත් දැනුම් සම්භාරයක් නොමැති නිසා මේ කටයුත්ත කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීමට ප්‍රංශයේ ලසාඩ් කියන සමාගමේ සහය ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා.
එම සමාගමට ඩොලර් ගෙවලා කොහොමද මේ රට ගොඩ ගන්නේ කියලා අවශ්‍ය තාක්ෂණික සහය ලබාගන්නවා. එම තාක්ෂණික සහය දේශීය වශයෙන් කාට හෝ ලබා දීමට හැකියාවක් තිබෙනවා නම් අපිට ඒ ගෙවන ඩොලර් ප්‍රමාණය ඉතුරු කර ගැනීමේ හැකියාව තිබෙනවා.
මේ විනිමය අර්බුදයට උත්තරයක් තිබෙනවා. ඉන්දියාවේ එක් වර්ෂයකට තොරතුරු තාක්ෂණ අපනයන වලින් ඇමරිකානු ඩොලර් බිලියන 200 කට වඩා හොයනවා . අපේ රටේ තොරතුරු තාක්ෂණ අපනයන වලින් උපයන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7 යි . අපේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 50 යි . අපේ දරුවන් තොරතුරු තාක්ෂණය අතින් සන්නද්ධ කොට එය අපනයන කිරීම තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ගෙන ගෙන ඒමේ හැකියාව තිබෙනවා.”
ෂේන් සෙනෙවිරත්න