වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
සීනි කර්මාන්තශාලාව,ස්කාගාරය සහ කේන්ද්‍රීය වතුයායට ගිය ඇමැතිවරයා එහිදී ගොවීන් සහ නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.
ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා ලාභලබන තත්වයෙන් පවතින බවත් ඊට කැපවෙන සේවක සේවිකාවන් ඇතුළු ගොවීන්ට සිය ප්‍රණාමය පුදකර සිටියේය.
කිසිම හේතුවක් නිසා පැල්වත්ත සහ සෙවනගල සීනි ආයතන පුද්ගලීකරණ නොකරන බවත් සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා සේවකයින්ගේ ගැටළු වලට සහන ලබාදී වැටුප් වැඩිකිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන බවත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර,පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්ර සහ පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග යන මහත්වරුද සහභාගී වූහ.