අරගලකරුවන් නිසා ගෝල්ෆේ්ස් පිටියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන් අයකර ගන්නවා
දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසාවෙන් ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අරගලකරුවන් ලෙස හදුන්වා ගන්නා මේ කණ්ඩායම එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අයුතු ජන රාශියක් සිදු කර තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තුළ නීති විරෝධී පදිංචියක් ස්ථාපනය කර හා එම පදිංචිය තහවුරු කරගැනීම සඳහා ලිපිනයන් පවා ලබා ගැනීමට කටයුතු කර තියෙන බවට තොරතුරු ලැබී ඇතැයිද සඳහන් කළේය.
“අරගලකරුවන් රැඳි සිටි ගෝල්ෆේස් පිටිය පොදු දේපළක්. මෙය 1971 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පණත යටතේ 3(1) වගන්තිය ප්‍රකාරව මෙම අනවසර ඉදිකිරීම් කර ඇති ස්ථානය අයත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය 1978/09/30 දිනැති අංක 4/1 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ නිසා එවැනි නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් තාවකාලික ඉදි කිරීමක් සිදු කරන්නේ නම් 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පණතේ 8(ඒ)1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුයි.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 44/2004 දරණ THE ENVIRONMENTAL FOUNDATION LIMITED එදිරිව නාගරික සංවර්ධන අධිකාරිය නඩුවේ තීන්දුව මඟින් ද මෙම ප්‍රදේශය පොදු මහජන සේවාවන් වෙනුවෙන් සංවර්ධනය කර වෙන් කර තිබිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
අරගලකරුවන් ලෙස හදුන්වා ගන්නා මේ කණ්ඩායම එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අයුතු ජන රාශියක් සිදු කර තියෙනවා.
පොදු දේපළකට ඇතුළු වී ඒ තුළ නීති විරෝධී පදිංචියක් ස්ථාපනය කර හා එම පදිංචිය තහවුරු කරගැනීම සඳහා ලිපිනයන් පවා ලබා ගැනීමට කටයුතු කර තියෙන බවට අපට තොරතුරු ලැබිල තියෙනවා.
එම භූමිය තුළ අනවසර ඉදිකිරීම් රැසක් ඉදිකර තිබීම හේතුවෙන් පොදු මහජනතාවට නිදහසේ එම ප්‍රදේශය භාවිතා කිරීමට තිබූ අයිතියට බාධාවක් වෙලා තියෙනවා. ශ්‍රේෂාඨාධිකරණ නඩු තීන්දුව සමඟත් එය බලපානවා.
මෙම සියලුම ක්‍රියාවන් නාගරික සංවර්ධන පනත උල්ලංඝනය කිරීමක්. ඒ අනුව මෙහි දී 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන පණත සමඟ කියවිය යුතු 82 අංක 4 සහ 84 අංක 44 පණතේ 28 (අ) 3 වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීමට එම අධිකාරියට බලය පැවරී තිබෙනවා.

popular news
-
Hector Perera Thursday, 18 August 2022 05:49 PM
Shame on you! What about the damage done to the country for the past 2 years? We know that you don't have brain to the size of your body. Don't make this type of stupid statements to scuttle the Ranil's good governance.
Reply : 0 0
නෙළුම් පුෂ්පසිරි Friday, 19 August 2022 04:13 AM
ජනතාවගෙ මුදල් වලින් යැපෙමින් රට අගාධයට ඇද දැමූ ගෝඨාභයගෙන් තමයි වන්දි ගන්න අවශ්‍යය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

