මරණ දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටි ශ්රමන්ත ජයමහ නම් පුද්ගලයාට ජනපති සමාව දිම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය පහක ප්රකාශයක් ලබා දී තිබේ.
අතුරුලියේ රතන හිමියන් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මේ පිළිබඳව විමර්ශනයක් පැවැත්වෙන අතර එම විමර්ශනයට අදාළව හිටපු ජනපතිවරයාගෙන් මෙම ප්රකාශය සටහන් කරගෙන තිබේ.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාක් ඝාතන සිද්ධියට අදාළව ශ්රමන්ත වරදකරු වී සිර දඩුවම් විදිමින් සිටි අතර හිටපු ජනපතිවරයා ඔහුට ජනපති සමාව දීමට කටයුතු කළේය.