පොදුජන පෙරමුණ ජනපතිගෙන් ප්‍රමුඛතම ඉල්ලීම කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ අද (18දා) පස්වරුවේ නිල සාකච්ඡාවක් සදහා ජනාධිපතිවරයා හමුවී ඇතැයි වාර්තා වේ. සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.
මෙහිදී අදහස් පල කරමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසදමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි.
ඊට අමතරව ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටා ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවයි.එය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළ බව ද වාර්තා විය.
පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙම නිල සාකච්ඡාව සදහා ප්‍රසන්න රණතුංග ,සාගර කාරියවසම් ,රෝහිත අබේගුණවර්ධන ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,පවිත්‍රා වන්නිආරච්චි ,නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න සහභාගි විය.
ජනාධිපතිවරයා සමඟ සාගල රත්නායක ,වජිර අබේවර්ධන,රුවන් විජේවර්ධන යන මහත්වරුන් සහභාගි විය.
popular news
-
සුනිල් සෙන්දනායක Friday, 19 August 2022 04:37 AM
වත්මන් දේශපාලන ක්‍රමය හමුවේ මා හට සිදුවූ අසාධාරන හා අයුක්ිසහගත දේශපාලන පලිගැනීමක් හා එය විසදීම සදහා අදාල බලධාරීන් කටයුතු නොකිරීම පිලිබදව සංවේදී වාර්තාවක් පලකරවා ගැනීමට අපේක්ෂා කරමි. 0718030788
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

