saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 50 hours ago

LATEST

ශෂේන්ද්‍රට පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවලු

calendar_today 2025 සැප් 12 - 18:52 remove_red_eye - 191  

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට පැයකට 35 වතාවක් හුස්ම හිරවීමේ රෝගයක් පවතින බව අද අධිකරණයේදී හෙළිවිය. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ර‌ාජ්‍ය අමාත්‍යවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප ලබාගැනීමට නීතිඥවරු ඉදිරිපත් කළ සුවිශේෂී කරුණු අනුව මෙම කරුණද දැක්වීය.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්විය.

Read More

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී සිදුවු මාරක විනෝද චාරිකා බස්‍ රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) පස්වරුවේ මිය ගිය බවත්, ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 16 දක්වා ඉහලගිය බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම අධිචෝදනා ගොනුකර තිබේ.

Read More
රතන හිමිට ඇප
12 09 2025 17:01:00
0 81

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. රතන හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

නතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක.

Read More

වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් 09/11 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත් අ

Read More

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට වාර්ථා වෙයි.

Read More

නොර්වූඩ් ප්‍රධාන මාර්ගයේ ප්‍රමාණය ඉක්මවා පාසල් සිසුන් ප්‍රවාහනය කරන ලද ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක් වී පාසල් සිසුවෙක් සහ ත්‍රී රෝද රථයේ රියදුරු රෝහල්ගත කරයි .

Read More

මිනි මැරිම් හා මිනි මැරිමට තැත්කිරිමේ සිද්ධියකට සම්බන්ධව මාතලේ මහාධීකරණයේ විභාග වන නඩුවක් සදහා පැමිණී ප්‍රධාන සාක්ෂිකාරියකට මහාධිකරණ භූමිය තුළ බැන තර්ජනය කළ විත්තිකරුවෙකුට වසර 09ක බරපතල වැඩසහිතව සිරදඩුවම් නියම කිරිමට මාතලේ මහාධීකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉකුත්දා නියෝග කළේය.

Read More

පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරැණි පාර්ලිමේන්තු සභා ගර්භයයේ දී පසුගිය 04 වැනිදා පැවැත්විණි. ඒ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

Read More

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතුයි පළාත් මට්ටමින් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් පොදු සංවර්ධන සැලැස්මක් සකස් කරන්න - ජනපතිගෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්

Read More

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (12) දින පැවසීය. බස් රථ අනතුරේ විමර්ෂණ කටයුතු සදහා තමන්ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරිමේදි බස් රථය ලක්ෂ 55කට මිලදී

Read More

2026 වර්ෂයට රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන්ට අවශ්‍්‍ය සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත.

Read More

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිර දඬුවමක් නියම කර තිබේ.

Read More

2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26

Read More

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් අද (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025.09.09 දිනැතිව 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබයි.

Read More

නොමිලයේ වගා රක්ෂණ ක්‍රමවේදනය යටතේ වී, බඩ ඉඟරිු ලොකු ලූණු, අර්තාපල්, මිරිස් සොයා යන වගාවන් වලට සිදුවූ හානි ඳසහා අක්කර 95128ක් වගා කළ ගොවීන් 79602ක ප්‍රමාණයක් ඳසහා රුපියල් මිලියන 1640 කට ආසන්න මුදලක් කෘෂි රක්ෂණ වන්දි ලෙස ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.

Read More

කරන්දෙණිය කොටවෙල නිවසක එකම පවුලේ මව සහ පුතෙකු අද (11) රෑ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

පරිසර අධි සංවේදී කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති හන්තාන ඉහළ කොටසේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු රැසක් මතුව තිබියදී එය රක්ෂිතයක් බවට පත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

Read More

ලැප්ටොප් පරිඝනකයක් ගෙනැවිත් නොදුන්නැයි සිත් තැවුලට පත් වයස අවුරුදු 16ක සිසුවෙකු තම නිවසේදී ගෙලවැල ලා සියදිවි හාණිකරගෙන ඇතැයි කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් ආරංචි කියයි.

Read More

වලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසාහි පහසුකම් අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හරහා චීන ජාතිකයන්ට නාසා ආයතනයේ සේවය කිරීමට ඇති අවස්ථාව අවහිර වෙනු ඇත.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට හිටපු ජනපතිවරුන් පස් දෙනෙකු සිටියත් නිල නිවාස භාවිත කරනු ලැබුවේ හිටපු ජනපතිවරුන් තිදෙනෙකු පමණි.

Read More

කොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තංගල්ල කාල්ටන් නිවසට පැමිණ තිබේ. ඔහු පිළිගැනීම වෙනුවෙන් ප්‍රා දේශීය දේශපාලඥයින් ඇතුළු ගම්වාසින් තංගල්ල කාල්ටන් නිවසට එක්ව තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (11) පැවැත්විණි.

Read More

සමාජ මාධ්‍ය යහපත් දේට යොදාගත යුතු බවට නේපාලයට අද වන විට පාඩමක් කියාදී තිබෙනන බවත් එහි තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදැන එම රට විනාශයට පත් කොට ඇති බව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා සිය නිල නිවස අතැර අද දිනයේදී තංගල්ල බලා පිටත්ව ගිය බවත් නිල නිවස නිල වශයෙන් රජයට භාර දීම ඉදිරි සතියක කාලය තුළදී සිදුකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිෂමට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.