විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ආයතන දෙකකින් කෝටි 31ක පොල්ලක්
ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පුද්ගලික සමාගමක් වෙත නිකුත් කළ ගුවන් විදුලි සංඛ්‍යාත සදහා අයවිය යුතු රුපියල් දාහත්කෝටි විසිපන්ලක්ෂයක (172,500,000) මුදල ගෙවිම එම සමාගම විසින් පැහැර හැර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
එමෙන්ම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින්ද රුපියල් දාහතරකෝටි,පනස්දෙලක්ෂ,පනස්හතරදහස්හාරසිය හතලිස්නමයක (145,254.449) මුදලක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.එම මුදල අයකර ගැනිම සදහා නිතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වාදෙයි.
යම්ගාස්තුවක් ගෙවනු ලැබු විට පමණක් සේවා සැපයිය යුතු වුවත් මුදල් ලැබමට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සේවා සැපයිම හේතුවෙන් මෙම තත්ත්වය උදාවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

