saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 5232 hours ago

LATEST

සේවා වියුක්තිය දශම තුනකින් ඉහළට

calendar_today 2022 නොවැ 23 - 16:48 remove_red_eye - 268  

2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මහවැලි අධිකාරිය සතු ඉඩම් ප්‍රා දේශීය ලේකම්ට පැවැරීමේ යෝජනාව කොහෙන්ද ආවේ කියලා මම දන්නවා. මේක ජාත්‍යන්තර සංවිධානයකින් ආපු යෝජනාවක්. ඔය යෝජනාව 2002ත් ආවා. ඔය යෝජනාවට අපිට එකඟ වෙන්න බෑ.

Read More

භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

2024 වසරේ බ.ඉ. කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලානයේදී පෙර පැවැති අදියර දෙකට සාපේක්‍ෂව තරමක් වෙනස් ආකෘතියකින් තරග පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) සැලසුම් කර ඇත.

Read More

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (23දා) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වෙනත් නඩුවත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

මෙරට සිදු කරනු ලබන උද්ඝෝෂණ අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට නැවැත්වීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේදී පසුගිය ඔක්තොබර් 19 වැනිදා සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත අද (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Read More

අද ජනපති පුටවට ආවේ අරගලයට පිංසිද්ධ වෙන්නෙ. අද අරගලයට නිගා කරනවා. අරගලය මර්දනය කරන්න කටයුතු කරනවා. හරිනම් එතුමා අරගලකරුවන්ට උදේ හවස පහනක් පත්තු කරලා හඳුන්කූරු පත්තුකරලා වදින්න ඕන. එහෙම ජනපතිවරයා අරගලය මර්දනය කරන හැටි හමුදාව යොදවන හැටි පොලීසිය යොදවන හැටි කථා කිරීම ගැටලුවක්

Read More

මම අටමස්ථානාධිපති තනතුරට පත් වුණු දවසේ ඉඳලා මාධ්‍යයට තිබුණ ප්‍රශ්නය තමයි රුවන්වැලිසෑයට කවුද පත් වෙන්නේ කියන කාරණාව, රුවන්වැලි සෑ විහාරාධිකාරී ධුරය සඳහා අටමස්ථාන කාරක සභාව රැස් වෙලා සුදුසු තීන්දුව ගත් බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි පාණන් පැවසූහ.

Read More

රාමායණය ග්‍රන්ථයේ සදහන් ස්ථාන නැරඹීම සදහා ඉන්දීය ජාතික ගුවන් මගීන් 78 දෙනෙකු අද (23දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණිය.

Read More

පාපන්දු ලෝක කුසලාන‍යට තරගවදිනක්‍රීඩකයන් ’සමලිංගිකත්වයට’ සහාය පළකිරීම වැළැක්වීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) පියවර ගැනීමට විරෝධය පෑමට යුරෝපානු පාපන්දු කණ්ඩායම් කිහිපයක්ම කටයුතු යොදා ඇත. ඔවුන් පවසන්නේ ෆිෆා විසින් මානව අයිතිවාසිකම් කඩකිරීමට සූදානම් වන බවයි.

Read More

පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයකට පටහැනිව යමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතාට එරෙහිවද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කරන ජපානයේ තයිසේ සමාගමෙන් තමන් කොමිස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදුකළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

Read More

ශ්‍රවණාබාධිත තරුණයාගේ ඒ ටි එම් කාඩ් පත සොරාගෙන ශල්‍යකර්මය සිදුකිරීම එකතු කර තිබූ මුදලින් රුපියල් 292,000 ක මුදලක් වරින් වර සොරාගත් ඔහුගේ කුළුපග මිතුරා අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් තමන්ගේ මතයට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ලැබුණේ නම් සමගි ජන බලවේගයේ පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට එකඟ වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ’දේශපාලනයෙ සදාකාලික මිතුරෝද සතුරෝද නැත’ යැයි ඔහු සඳහන් කළේය.

Read More

ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇතිකරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ. කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නේ මේ රටේ. එයා හොඳයි නම් බැසිල් රාජපක්ෂට විරුද්ධව කථා කරන්න බෑ.

Read More

මෙතෙක් අය වී නැති නිවාස ණය අය කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.

Read More

ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට හා ඒ සඳහා සාකච්ඡා කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර ඇති හෙයින් අයවැය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායකයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක්ද වෙන මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාත්ත වී තිබේ.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23දා) නියෝග කළාය.

Read More

ඩොලර් බිලියනයක ගල් (මැණික්) රටින් පිටට ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 170යි. නමුත් මේ ඩොලර් ටික ලංකාවට එන්නේ නෑ. මේ ගැන අපි සාකච්ඡාවක් පවත්වනවා. දින 180ක් තුළ මේ රටට ඩොලර් එන්න ඕන.

Read More

රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා - ගරු කථානායකතුමා මම මන්ත්‍රී ‌නෙමෙයි. මට රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිකමක් දුන්නා. ඔබතුමා ඒ්ක දන්නේ නැත්ද? මට රාජ්‍ය ඇමතිකමක් දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒතුමට පිංසෙද්ධ වෙන්න. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා - සමාවෙන්න ඇමතිතුමා.

Read More

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතාට පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

Read More

ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩග්ලස් මන්රෝ යන නෞකාව විජයබාහු යන නමින් අධිකාරියට පත්කිරීම ඊයේ (22දා) සිදුවිය.

Read More

අයවැය තෙවැනි වර කියවිමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාව අද පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

Read More

එළඹෙන 2023 වසර සදහා ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා 11/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

මුතුරාජා හස්තියා රැකබලා ගැනීම ජාතික සත්වෝද්‍යානයට ලබා ගැනීම පිළිබඳව තායිලන්ත තානාපතිවරයා සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කරයි.

Read More

එක්දින ලකුණු දහසේ සීමාවට වේගයෙන්ම ලඟාවූ ලකුණු සබඳතාවේ වාර්තාව සමකිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් සමත්විය.

Read More

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වත්මන් ක්‍රීඩා සමාජය වන එංගලන්ත මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් වහාම ඉවත්වීමට තීරණය කර ඇත.

Read More

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වසර 92 කට පසු දඩුවම් පහරක් සාර්ථක කර ගත් එකම දැල් රකින්නා බවට පත්වීමට මෙක්සිකොවේ ගුලිමෝ ඔචෝවා සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.