2026 රාජ්ය දින දර්ශනය අනුව මැයි මස 01 දා වෙසක් පොහෝ දිනය ලෙසත් එම මාසයේම 30 දා අධි පොසොන් පොහෝ දිනයත් යෙදී තිබෙන හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවානු ඳපිළිබ අතිශය සාවධානව කටයුතු කළ යුතු බව ඳසහන් කරමින් තෛනිකායික මහා නාහිමිවරුන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.
සිද්ධාර් කුමරුගේ උපතත් සම්බුද්ධ පරිනිර්වාණයත් වීසා නැකෙතින් යෙදී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේලා වෙසක් පොහෝ දිනය වීසා නැකතට යෙදෙන පසලොස්වක දිනයක යෙදා ගැනිම සම්ප්රදාය බව පවසති.
මැයි මස 01 දා විසා නැකත යොදෙන බවත් වීසා නැකත යෙදෙන මැයි මස 30 දා වෙසක් පොහෝ දිනය ලෙස යොදා ගැනිම සුදුසු බවත් උන්වහන්සේලා පෙන්වා දෙති.
