පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ විය. එම මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත/ පුත්තලම අතර දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව එම මාර්ගය යථා යතත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව අද සිට හලාවත දක්වා දුම්රිය ධාවනය සිදුකෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
