ගාල්ල මහ නගර සභා විශේෂ රැස්විම උණුසුම්
ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමක් අද (30) ආරම්භවු අවස්ථාවේ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම සටන් පාඨ කියමින් උද්ඝෝසනය කිරීම නිසා සභාව තුල දැඩි උනුසුම් තත්වයක් පැවතුනි.
නගරාධිපති සුනිල් ගමගේ සභාව ආරම්භ කළ නමුත් විපක්ෂයේ උද්ඝෝෂණය නිසා සභාව පවත්වා ගෙන යෑමට නගරාධිපතිවරයාට නොහැකි විය.
උද්ඝෝෂණ කළ මන්ත්රීවරුන් අපේ චන්ද හොරා කාපු නගරාධිපති අපට එපා අපේ චන්ද හොරා කාපු මහ දවාලෙ මංකොල්ලය, අපේ චන්ද හොරා කාපු හොර ලේකම් අපට එපා බොල් අයවැය පරද්දන්න බහුතරයම චන්දෙ දුන්න, නගර සභා ඉතිහාසයෙ ගඳ ගස්සපු මංකොල්ලය ආදී සටන් පාඨ කියමින් විපක්ෂ මන්ත්රී කණ්ඩායම සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවය පල කළහ.
තත්වය උනුසුම්වීම නිසා පොලිස් කණ්ඩායමක්ද සභාව තුලට කැඳවනු ලැබීය.මේ තත්වය යටතේ සභාව තව දුරටත් පවත්වා ගෙන යෑමට නොහැකිවීම නිසා නගරාධිපතිවරයා සභාව පැය භාගයකට කල් තබා සභාවෙන් පිටව ගියේය . විපක්ෂයේ සමහර මන්ත්රීවරුන් සහ මන්ත්රීවරියන් කලු ඇඳුමෙන් සැරසී සභාවට පැමිණ සිටියහ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

