කටුනායක, ආඩිඅම්බලම, සරණතිස්සගම ප්‍රදේශ බිය වද්දමින් පොලීසියට කට්ටි පනිමින් සිටි සොරකම් ,කොල්ලකෑම් සිදු කරමින් වරෙන්තු ලබා සිටි " නදී "නැමැත්තා කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 03/16 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
නදීෂාන් පීරිස් නැමැති මෙම 42 හැවිරිදි පුද්ගලයා කටුනායක, මීගමුව සහ කටාන යන පොලිස් බල ප්‍රදේශ තුළ කොල්ලකෑම්, ගෙවල් බිදුම් සහ සොරකම් කරමින් සිදු කරමින් අපරාධ රැසක් පිළිබඳව පොලීසියට අවශ්‍යව සිටි අයෙකු වන අතර, ඔහුට එරෙහිව මීගමුව සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් නිකුත් කළ වරෙන්තු 05 ක් ඇති බව ද පොලීසිය පවසයි.
මොහු සිය අනියම් බිරිඳගේ නිවසෙහි රැදී සිටින බවට ලද තොරතුරක් මත එම නිවස වටලා, මොහු අත් අඩංගුවට ගැනීමට කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කටයුතු කර තිබුණි.
න්පසුව මොහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබූ අතර, එහිදී මොහු දින 14 ක කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා ගෙන තිබේ.