රාජ්‍ය වෙසක් උළෙල පුත්තලමට
රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම්කර ඇති අතර ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රි හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමඟද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බව වැඩ සටහන පිළිබඳව පැහැදිලි කළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා එහිදී සඳහන් කළේ ය.
වෙසක් පුර්ව වැඩසටහන්,වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය හා වෙසක් පෝය දින වැඩසටහන් පිළිබඳව ද නිලධාරිහු මෙහිදී සාකච්ඡා කළහ.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය,පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හලාවත ප්‍රා දේශීය ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව මෙවර වෙසක් උත්සවය සංවිධානය කරනු ලබයි.
popular news
-
LGPJ Wednesday, 22 March 2023 01:38 AM
Yes. Coconut donkeys in there can participate. For the purpose easily.!!!!
Reply : 2 67
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

