එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ.
මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය ලෙස හෝ කිසිදු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශවයෙන් සිදු නොවන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) දින කියා සිටියේය.
Read Moreනිවසක සුරතලයට ඇති කළ රුපියල් 80,000ක් පමණ වටිනා ආනයනික ගිරව් 9 දෙනෙකු සොරකම් කළ පුද්ගලයකු, සොරකම් කරන ලද එම ගිරව් සමග ඊයේ (22 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍ර දේශයේ හෝටලයකට කොස් ගෙඩියක් අලෙවි කිරීම සඳහා පැමිණි පුද්ගලයෙක් හා එම හෝටලයේ හිමිකරු අතර ගණන් හිලව් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගනිමින් කොස් ගෙඩිය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී හෝටල් හිමිකරු ඝාතනය කර ඇති බව පොලීසිය කියයි. අවුරුදු 29ක් වන අහස්තලාව පදිංචිව සිටි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙම වර්ෂය අවසන් වීමට පෙර ඊ - ගුවන් ගමන් බලපත්‍ර (E-Passport) ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreපොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වන දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ
Read Moreකි.ග්‍රෑ. 2,525ක් වූ ප්‍රමාණය ඉන්දියාවෙන් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි මුලින් වටිනාකම ඉන්දීය රු. කෝටි 12,000ක් වුවත් දැන් එය කෝටි 25,000ක් වටිනවාලු
Read Moreපුද්ගල සෞඛ්‍ය වාර්තාව යෙදවුමක් මාර්ගයෙන් ජනතාවට ලබාදීම සඳහා ලෝක බැංකුව විසින් දළ වශයෙන් මිලියන 500කට අධික ප්‍රතිපාදනයක් ලබාදී වසර ගණනක් ගත වුවද, අදාළ ව්‍යාපෘතිය මේ වන තෙක් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ලෝක බැංකුවේ ඉහළ නිලධාරීන් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ හා ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreමේ මාසයේ ගතවූ දින 21 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,223 දෙනෙකු හඳුනා ගෙන තිබේන බවත් මේ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,931 ක් බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2%ක් වූ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් ශ්‍රිලාංකිකයෙක් මිය ගියේය. මෙලෙස මියගොස් ඇත්තේ බෙර්ගමෝ නගරයේ පදිංචි වර්ණකුලසූරිය සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.
Read Moreසාමාකාමී උද්ඝෝෂකයන් සිටි ‘මයිනා ගෝ ගමට’ සහ ෙ‘ගෝඨා ගෝ ගමට’ පහරදීමේ සිද්ධීවලින් අනතුරුව රටපුරා පදිංචිව සිටි දේශපාලනඥයන්ගේ නිවාස ඇතුළු දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු පිරිසක් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද (22දා) ඉල්ලා අස්කර ගත්තේය.
Read Moreමේ වනවිට රුපියල් 10,000කට අලෙවි කෙරෙන යූරියා පොහොර මිටියක මිළ එළඹෙන මස වනවිට තවදුරටත් අඩු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreමේ මස 29 වන දින සිට ආරම්භ වන සමාන්‍ය පෙළ විභාගයට අදාල සියලුම් ප්‍රවර්ධන කටයුතු හෙට (23දා) දින මධ්‍යම රාත්‍රි 12 සිට විභාගය අවසන් වනතෙක් සිදුකිරිම තහනම් බව විභාග දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
Read Moreදිවැසිවරයෙකු ලෙස තමන්ව හඳුන්වා ගනිමින් ජෙරම් ප්‍රනාන්දු නැමැති තැනැත්තෙකු විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිදියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශය හුදු ආකාශ්මික සිදුවීමක් ලෙසින් සුළු කොට තැකිය නොහැකි බවත් එය නිසි අණපනත් මගින් නීත්‍යානුකූලව පියවර ගත යුතු සංසිද්ධියක් බවත්ට ජනාධිපතිවරයාට දන්වමින් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් විසින් ලිපියක්යොමුකොට ති
Read Moreවිවෘත අධිකරණයේ කෑ ගසමින් අධිකරණයේ කටයුතු වලට බාධා කළ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද (22දා) නියම කළේය.
Read Moreහැටන් කොටගල පතන ශ්‍රි පාද විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසු සිසුවියන් 92 දෙනෙකු සෙම්ප්‍රතිස්සාව , කැස්ස සහ උණ රෝගි ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.
Read Moreදශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු යුද්ධය හේතුවෙන් මිය ගිය සියලුම ශ්‍රී ලාංකිකයක් සැමරීවේ වැඩසටහනක් පසුගියදා වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැතියේය.
Read Moreසිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීමට හේතු වූයේ මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය මත ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම බව හයිඩ්‍රාමනී ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More2023 වසරේ මේ වසරේ මේ දක්වා (මැයි 19 වන දින දක්වා) කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreහම්බන්තොට සුචි ගම්මානයේ ඊයේ (21දා) රාත්‍රී 09ට පමණ සිදුවූ වේඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව හම්බන්තොට මුලස්ථාන පොලිසිය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් චීනයේ සයිනොපෙක් සමාගම සමග අද (22) ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreසිය වයස්ගත රෝගී මවගේ උදව්වට මවත් සමග නිවසට පැමිණ සිටි විසිහය හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති තරුණියකට අතවර කළා යයි කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (21දා) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. කොස්ගොඩ මහ ඉදුරුව ප්‍රදේශයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේදී මේ තරුණියට ඔහු අතවර කළේ යයි කියමින් පොලීසියට පැමිණිලි කර තිබුණේ මැයි මස 20 වැනිදා පස්වරුවේදීය.
Read Moreපසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක් ලෙස හා සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබීය.
Read Moreඅරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි පවසන පුද්ගලයෙකු විසින් මෙහෙයවන ලද ජංගම ගණිකා මධ්‍යස්ථානයක් වටලා එම අරගල ක්‍රියාකාරිකයා, මෙන්ම සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි .
Read More’’මට තටු නැතුව ඉගිල්ලෙන්න කියනවා නමුත් මම 2030 දි සුර්ය්‍ය විදුලියෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කරනවා’’ යැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා සිටි පාසල් සිසුවියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මුන්දලම පුලිච්චන්කුලම වැවේ දිය නාමින් සිටියදි මෙම සිසුවිය ඊයේ (17දා) ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය උඩප්පුව පදිංචි අවුරුදු 17ක සිසුවියකි. මියගිය සිසුවිය ඇයගේ මිතුරියන් සිව්දෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තනියක් සමග වැවේ දිය නාමින් සිටියදි මෙම අනතුරට ලක්ව තිබේ.
Read Moreරජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඊයේ (21දා ) පැවසූහ.
Read Moreයල කන්නයේ වී වගා කරන ගොවීන් හයලක්ෂ පනස් දහසකට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද (22) ඇරැඹීමට තීරණය කරයි.
Read More