ආණ්ඩුව විසින් දුම්රිය සේවයට අවශ්‍ය උපකරණ හා උපාංග, පුහුණු සේවකයන් ලබා නොදෙමින් දුම්රිය ප්‍රමාද කිරිමට හා ගමන් වාර අවලංගු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මේ ආකාරයට ආණ්ඩුව කටයුතු කිරීම නිසා ජනතාවට දුම්රිය සේවාව පිළිබඳව අප්‍රසාදයක් ඇතිවෙමින් තිබෙන බවත්, මෙම තත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව විසින් දුම්රිය දොර්තමේන්තුව අධිකාරියක් බවට පත් කර දුම්රිය සේවාව දිය කර හැරීම සඳහා සැලසුම් කරමින් තිබෙන බවත් එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා සඳහන් කළේය.
අණ්ඩුව විසින් සිදුකරන මෙම ක්‍රියා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව අද (06දා) මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන මූලික කර ගනිමින් අත්පත්‍රිකා බෙදාහැර ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් හෙතෙම පවසා සිටියේය. දුම්රිය ප්‍රමාද කිරීම හා අවංලගු කිරීම නිසා දිනපතා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත්, මේ නිසා දුම්රිය මගීන් දුම්රිය සේවකයන් සමග අනවශ්‍ය ගැටුම් පවා ඇති කර ගනිමින් තිබෙන බවත් විතානගේ මහතා සඳහන් කළේය.