පාලන මිලට සිනි අලෙවි කිරිමේදි කිලෝවකට රු 20 පාඩුවක් තමන්ට සිදු වන බවත්, ඒ අනුව තමන් සතුව තිබෙන සිනි තොග අවසන් විමෙන් අනතුරුව සිනි වෙලදාමෙන් ඉවත් වන බව හැටන් ප්රදේශයේ සිනි තොග සහ සිල්ලර මිලට අලෙවි කරන වෙලදුන් පවසති.
කොළඹ සිනි තොග වෙලදපොලේ (06) දින සිනි කිලෝවක් රු 300 තොග මිලකට අලෙවි කරන බවත්, එය හැටන් ප්රදේශයට රැගෙනවිත් අලෙවි කිරිමේදි පාලන මිල වන රු 275 ට සිනි කිලෝවක් ලබාදිය නොහැකි බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
පාලන මිලට වඩා සිනි අලෙවි කලහොත් පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලිම් සිදු කර අධිකරණය හමුවේ දඩ මුදල් අය කරන නිසා තමන් සිනි වෙලදාමෙන් ඉවත් විමට තිරණය කර ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.