ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මානයක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය දා ඩුබායි හි පැවති " ඇරේබියා කාගෝ එවෝඩ් " (Arabia Cargo Awards ) අරාබි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්මාන උළෙලේ දී " නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවය " ට හිමි සම්මාන දිනා ගැනීමට සමත් වී ඇති බව 11/06 දින ශ්‍රී ලන්කන් ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී .
මෙම සම්මාන උළෙල ඩුබායි හි ප්‍රකාශයට පත් වන " කාර්ගෝ ටෝක් " ( Cargo Talk ) නැමැති භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ පළ වන ප්‍රධානතම සගරාව විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය මැදපෙරදිග සහ දකුණු ආසියාව සම්බන්ධ කරමින් එම සම්බන්ධතා ශක්තිමත් කිරීමට නිරන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කරමින් සිටිති.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු විශිෂ්ඨ තළයේ ගබඩා පහසුකම් මෙන්ම ගුවන් භාණ්ඩ හැසිරවීමේ අති නවීන යන්ත්‍රෝපකරණ මගින් මැදපෙරදිග වෙත පමණක් නොව යුරෝපය , දකුණු ආසියාව , අග්නිදිග ආසියාව , ඈත පෙරදිග , ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලන්කන් ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක රටවලින් ඔබ්බට ද ගුවන් භාණ්ඩ ප්‍රවාහන කාර්යයෙහි නිරතව සිටිති .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

