පාසල් සිසුවියට අතවර කරන්න කාමර දුන් කළමනාකරු සහ අතවර කළ සැකකරුට මාංචු
පාසල් දැරියක ලැගුම්හලකට කැටුව ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් බාලවස්කාර අයවලුන්ට කාමර කුලියට දුන් කළමනාකරු සහ ස්ත්රී දූෂණය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්රදේශයේ පදිංචි 21 හැව්රිදි පුද්ගලයකු සහ පානදුර වෙරළ ආසන්නයේ කාමර කුලියට දෙන ලැගුම්හලක 30 හැව්රිදි කළමනාකරුවෙකු බව පොලිසිය කීය.
මොරටුව ප්රදේශයේ පදිංචි පුද්ගලයා දිවා කාලයේ සහ රාත්රි කාලයේද අවස්ථා දෙකකදී පාසල් සිසුවිය හෝටලයට කැටුවවිත් ස්ත්රී දූෂණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් , ලැගුම්හලේ කළමනාකරු හැදුනුම්පත් පරීක්ෂා කිරීමේන් තොරව කාමර කුලියට ලබාදී ඇති බව පොලිසිය කීය.
පාසල් දැරිය රෝහල් ගතකර ඇති අතර , සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

