සිරුරට ගිනි ඇවිලීමෙන් තිදරු මවක් මියයයි
මොනරාගල පොලිස් වසමට අයත් ඉත්තෑකටුව ප්රදේශයේ පදිංචි තිදරු මවක් සිරුරට ගිනිඇවිලීමෙන් මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාරලබමින් සිටියදී අද (05දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මාරාව ඉත්තෑකටුව පදිංචි බී.ආර් පුංචිමැණිකා (83) නැමති තිදරු මවකි.
ඇය වගාබිමක වාඩියක සිටියදී ඉකුත් 30 වෙනිදා ළිපට ගිනිමොලවමින් සිටියදී සිරුරට ගිනි අවිලීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී මෙලෙස මියගොස් ඇත.
මියයාමට පෙර ඇය පොලීසියට ප්රකාශයක්කරමින් පවසා ඇත්තේ ඇය තේසෑදීම සඳහා වතුර මුට්ටියක් ළිප තබා ගින්දර දැමීමේදී එකවරම ඇය ඇඳ සිටි චීත්තයට ගිනි ඇවිලුණු බවයි.
සිරුරට ගිනිගැනීමෙන් පසු ඇයගේ කෑගැසීමේ ශබ්දය ඇසී අවට පදිංචිකරුවන් කිහිපදෙනෙකු පැමිණ රෝහලට රැගෙනගොස් තිබිණි.
මොනරාගල පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

