දැනට උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ව්‍යාප්ත වී තිබෙන ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය හෙවත් ගව Lumpy Skin Disease රෝගය පාලනය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (23) පශු අංශය බාර නිලධාරින්ගෙන් කරුණු විමසනු ලැබීය.
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි, දිගු කාලයක්ක් එරට ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික 52 දෙනෙකු 04/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත , තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත එම තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් එවා තිබුණි .
Read Moreමීට පෙර වසර වලදී මෙසේ කටුනායක ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් සිටියහොත් ඔවුන්ට වෙඩි තැබීමට විශේෂ නිලධාරීන් ( Dog Shooter ) පත් කර තිබුණි .
Read Moreනිවස අසළ දෙල් ගසකට නැග රූපවාහිනී ඇන්ටනාවක් සවිකරමින් සිටි පුද්ගලයෙක් එම ඇන්ටනා වයරය අධිබලැති විදුලි රැහනක වැදී විදුලිය සැරවැදී බිමට වැටී මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, පලාලි ඇන්තනීපුරම් වෙරළ ප්‍රදේශයේ ඊයේ (23දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreහම්බන්තොට වරායේ ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදුවූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreඅද දිනයේදී උණුසුම් කාලගුණයක් පැවැතියද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැස ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතමන් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ ඇමති ධූර බාර නොගන්නා බවත් සජබ ජාතික සංව්ධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් තවත් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.
Read Moreහෙරොයින් කිලෝග්‍රෑම් 196 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද මෙරටට හෙරොයින් ආනයනය කරන ප්‍රධාන පෙළේ පුද්ගලයින් ඇතුළු පස් දෙනෙකු ට එරෙහිව පවරා තිබූ නඩුව ව්භාග කිරිමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreමෙම වසරේ සෝයාබෝංචි සහ තෙල් බෝග වගාබිම්වල වපසරිය පුළුල් කර, අස්වැන්න සහ ගුණාත්මකභාවය ද වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශ බලධාරීහු පවසති. එම බෝග සඳහා අලුතින් එක්කෙරෙන වගාබිම් ප්‍රමාණය අක්කර 16 ලක්ෂ පනස්දහස ඉක්මවනු ඇත.
Read Moreආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඋසස්පෙළ පිළිතුරු පත්‍ර නොබලන්නේ නම් අධ්‍යාපන අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර එයට එරෙහිවන්නන්ට නඩු පවරන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබා දී තිබේ. ඒ අනුව ජනපතිවරයාට කළ හැකි බරපතල දේ කරන ලෙස තම සංගමය අභියෝග කරන බවද ඔවුන් සිය නිවේදනයෙන් පවසයි.
Read Moreත්‍රස්තවාදය වැළැක්විමෙ පනත වහාම අහෝසිකරන ලෙසට සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එළැඹෙන 25දා උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ විසින් තීරණය කොට ඇත.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 13 වසරේ ජිව විද්‍යා අංශයෙන් අධයාපනය ලබන පාසල් සිසුවියකට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනිම සඳහා හෘද්‍යා බාධයක් බව පවසමින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පහර කැමට ලක් වු සිසුවියගේ දෙමව්පියන් චෝදනා කර සිටියි.
Read Moreයල කන්නයේ වී වගා කරන ගොවින් පන්ලක්ෂ පනස්දහසකට පොහොර මිල දී ගැනීමට මුල්‍ය සහනාධාර ලබා දීමට රජය රුපියල් බිලියන 11ක් වෙන් කරයි.
Read More2022-2023 වසර සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවැසූහ.
Read Moreඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ බාලක රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගත්තේය.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ (vi) වන කලාපයේ දීර්ඝ කාලයක් සැරිසරමින් සිටි දළකොටා ඇතා ඉකුත් (21) වෙනිදා මියගොස් ඇත.
Read Moreදකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය වරාය තුළ ඉදිකිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රගමනයට විශාල ශක්තියක් ලැබෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreඅවුරුදු උත්සවයක මැරතන් තරඟයට සහභාගී වී සිටි සිය වැඩිමහල් සහෝදරයාට, සහයෝගය ලබා දීම සඳහා සහෝදරයා සමග දිව ගිය දස හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ ඇතිවුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (22දා) ජීවිතක්ෂයට පත්වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
Read Moreඅගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඉහළ අස්වැන්නක් ලබා ගත හැකිවන පරිදි බීජ වී සැකසුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහය පළවේ.
Read More2021 වසරේ සිදුවූ එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු මහාධිකරණයට නඩු පවරන බව නීතිපති සංජේ රාජරත්නම් මහතා පැවසුවේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
Read Moreආදර්ශ නව වගාවන් ලෙස තේ, පොල්, රබර් , කුරුදු භෝග මුල්කොට ගෙන අක්කර 100 ක නව වගා ආරම්භයක් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේදී කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
Read Moreදුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ පාපුවරුවේ පැමිණි බව කියන දරුවා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙය ක වැදී දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.
Read Moreපවුල් ආරවුලක් මත පතන බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක් වයැසැති සිවුදරු මවක් වන ලෙච්චමුන් නිසාන්තනි නැමති කාන්තාව අද (22දා) සිය දිවි හානි කර ගැනිම සඳහා ඩෙවන් දිය ඇල්ලෙන් පහළට පැන්න බවට එම කාන්තාවගේ දියණියක් පතන දිඹුල පොලිසියට පැවසු බවත් ඒ පිළිබඳව පොලිස් නිලධාරින් පරික්ෂණ ආරම්භ කල බවද ඔහු පැවසිය.
Read Moreඩෙල්ෆ් ජැටිය ආසන්නයේ නිවසක පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙකෙු හා කාන්තාවන් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී සහාසික ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
Read Moreඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊෙය් රාත්‍රී පැමිණ තිබේ .
Read More